ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇමෙරිකාවට අයත් ප්‍රාන්තයකි.
10 දෙනකු රැගත් ‘බේරිංග්’ ගුවන් සේවයට අයත් මෙම මගී ගුවන් යානය, ඇලස්කාවේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහ අයිස් පිරුණු කදුකර ප්‍රදේශයේ දී අතුරුදන් වුයේ පසුගිය 7 වැනිදා සවසය.
යානය, ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය තෙක් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඊට අයහපත් කාලගුණය හරස් විය.
කෙසේ නමුත් යානයේ සියලු දෙනා මියගිය බව තහවුරු වූයේ සුන්බුන් හමුවීමෙන් අනතුරුවය. මේ වනවිට තිදෙනකුගේ මළසිරුරු හමුවී ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින
ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.
ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනව
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගන
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධි
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා