කැනඩාවේ ළැව් ගිනිවලින් නැගෙන විෂ දුම, මේ වනවිට නෝර්වේ රාජ්‍යය තෙක් පැතිර ගොස් ඇතැයි, නෝර්වේ දේශගුණික, පාරිසරික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති.
නෝර්වේ රාජ්‍යය ඇත්තේ කැනඩාවේ සිට කිලෝ මීටර් 5,850 ක් දුරින් යුරෝපා මහද්වීපයේ කෙළවරේය. ළැව් ගිනි දුමාරය නෝර්වේ වැසියන්ට පමණක් නොව, සෙසු යුරෝපා රටවල වැසියන්ට ද අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.
මේ වනවිට, ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද කැනඩාවේ ළැව් ගිනිවලින් නැගෙන විෂ දුමාරය හේතුවෙනි. ඇමෙරිකාව සහ නිව්යෝක් නුවර ඇත්තේ කැනඩාවට පහළිනි.
කැනඩාවේ ළැව් ගිනි ආරම්භ වී මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත. පාලනය කිරීමට අපහසු ළැව් ගිනි 150 ක් ප්‍රාන්ත කීපයක් පුරා පැතිරෙන බව කැනඩා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ළැව් ගිනි හේතුවෙන් කැනඩාවේ හෙක්ටයාර් මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. ළැව් ගිනි හේතුවෙන් නිවාස අහිමි වුණු වැසියන් ගණන 20,000 කට වැඩිය.
ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ මෙසේ ළැව් ගිනි ව්‍යාප්ත වීමට හේතුව විපරිත කාලගුණ තත්ත්වයන් බවය.
විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව දේශගුණික විපර්යාස බවත්, දේශගුණික විපර්යාස නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැනඩාවේ ළැව් ගිනි දුම නෝර්වේ රාජ්‍යයට පැතිරිලා