IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කැනඩා-ඇමෙරිකා තෙල් නළ මාර්ගයට විරෝධය පා දහස් ගණනක් ඇමෙරිකානුවෝ ධවල මන්දිරය වටලති

කැනඩාවේ සිට ඇමෙරිකාවට බොර තෙල් ප‍්‍රවාහනය කිරීමට යෝජිත නළ මාර්ගයකට විරෝධය පළ කරමින් දහස් ගණනක් ඇමෙරිකානුවෝ පෙරේදා (6) ධවල මන්දිරය වට කළහ. විරෝධතා පුවරු අතැතිව, ජනාධිපති බැරැුක් ඔබාමාට සහ ඔබාමා පරිපාලනයට දොස් පැවැරූ විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ එම බොර තෙල් නළ මාර්ගය ඉදිකළහොත් මහා පාරිසරික විනාශයක් සිදුවනු ඇති බවය. ඇමෙරිකා ජනපති නිල නිවස පමණක් නොව මහා භාණ්ඩාගාරය ද පිහිටා ඇත්තේ ධවල මන්දිර භූමියේය. විරෝධතාකරුවන් ධවල මන්දිරය වට කිරීමට සූදානම් වන බව කල්තියා දැන ගැනීමත් සමඟ වොෂින්ටන් පොලිස් නිලධාරීන් සීරුවෙන් තැබීමට බලධාරීහු පියවර ගෙන තිබුණි. කෙසේ නමුත් සාමකාමී අයුරින් විරෝධතාව පැවැත් වූ හෙයින් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් හට නොගැනුණි. ‘තෙල් වැලි’ මිරිකා නිපදවා ගන්නා බොර තෙල් මෙම නළ මාර්ගය ඔස්සේ කැනඩාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ප‍්‍රවාහනය කිරීමට අපේක්ෂිතය. වැලි මිරිකා තෙල් ලබා ගැනීමේදී කාබන් වායුව විශාල වශයෙන් වායුගෝලයට එකතු වන බව පරිසරවේදීහු ද  පෙන්වා දෙති. පරිසරවේදීන් සිය ගණනක් ද සහභාගී වූ බව ඇමෙරිකා පුවත් සේවා වාර්තා කරයි. ලබන වසරේ, එනම් 2012 දී ජනාධිපති බැරැක් ඔබාමා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කිරීමට නියමිත අතර මෙම බොර තෙල් නල මාර්ගය සම්බන්ධ අර්බුදය ඔහුට අවාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. බොර තෙල් නළය සම්බන්ධ යෝජනාව කි‍්‍රයාත්මක කළොත් ඇමෙරිකානුවන්ට රැුකියා අවස්ථා උදාවනු ඇති අතර රටේ බලශක්ති නිෂ්පාදන කටයුතු ද ඉහළ දැමීමට ඇමෙරිකා රජයට හැකියාවක් ලැබේ. කෙසේ නමුත් බොර තෙල් නළ මාර්ගය සම්බන්ධ යෝජනාවට ජනපති ඔබාමාගේ පාලක ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් කිහිප දෙනකුගෙන් ද විරෝධයක් එල්ල වී ඇත. මීට අමතරව ජනපති ඔබාමා, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිවලට ද ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගේ අකමැත්ත පළ වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

කැනඩා-ඇමෙරිකා තෙල් නළ මාර්ගයට විරෝධය පා දහස් ගණනක් ඇමෙරිකානුවෝ ධවල මන්දිරය වටලති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 38 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 39 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 38 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2802 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5619 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 186 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 712 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2005 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site