කැරැලි ගැසීමට ‘වැග්නර්’ කුලී හේවායන් උසි ගැන්වූයේ ඇමෙරිකාව යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ, කැරැල්ල පසුපස ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරුන් සිටින බවය.
යුක්රේනට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, ඇමෙරිකා සී.අයි.ඒ. ඒජන්තවරුන්, යුක්රේන රජය සහ රුසියන් විරෝධී බටහිර රටවල් සමඟ එක් වී, රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි ද රුසියානු රජය වැඩි දුරටත් පැවැසීය.
පැය 24 ක් වැනි කෙටි කාලයකින් අවසන් වුවත්, ‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව ආරම්භ කළ කැරැල්ල, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයට ලක් කිරීමක් බවත් යුක්රේනය පවසා තිබේ.
‘වැග්නර්’ කුලී හේවායන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කළේ පසුගිය 24 වැනිදා සෙනසුරාදා ය. කුලී හේවායන් උත්සාහ කළේ මොස්කව් අගනුවර වැටලීමටය. ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියන් හමුදාවට අයත් අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. ඊට නායකත්වය දෙන යෙව්ගනි ප්‍රිගෝජින් 90 දශකයේ සිට පුටින්ගේ සමීපම මිතුරෙක් විය.
පසුගිය සිකුරාදා (23) ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේ රුසියන් හමුදා ප්‍රධානීන්, හිතාමතාම, සිය ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් ‘වැග්නර්’ සාමාජිකයන් බොහෝ දෙනකු මියගිය බව ද පැවැසෙයි.
ප්‍රිගෝජින් සිය හමුදාව මෙහෙයවමින් මොස්කව් අගනුවර ආක්‍රමණයට සැරැසුණේ ඉන්පසුවය. කෙසේ නමුත් අසල්වැසි බෙලරූස් රජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වී සාකච්ඡා පවත්වා ප්‍රිගෝජින් බෙලරූස් රාජ්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.
තමන් බෙලැරූසට පිටුවහල් වන බව පවසමින් ප්‍රිගෝජින් ඉලලා සිටියේ තම කුලී හේවායන් රුසියන් රජයට බඳවා ගන්නා ලෙසය. රුසියන් ආරක්ෂක අමත්‍යාංශය ඊට එකඟ වුණු අතර, ප්‍රිගෝජින් ට එල්ල කළ සියලු අපරාධ චෝදනා ඉවත දැමීමට රුසියන් රජය පියවර ගත්තේය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී රුසියන් හමුදාවට සහාය දෙමින් නැගෙනහිර යුක්රේනයේ පළාත් සහ නගර රැසක් අත්පත් කර දීමට ‘වැග්නර්’ කුලී හේවායෝ සමත් වී සිටිති.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැරැලි ගසන්න කුලී හේවායන් උසි ගැන්නුවේ ඇමෙරිකාව