IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට

වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක් වන ‘ෆාර්ක්’ (කොලොම්බියානු විප්ලවීය හමුදාව) සංවිධානයේ නායක ඇල්ෆොන්සෝ කැනෝ ඝාතනය කිරීමට එරට හමුදාව පෙරේදා (05) සමත් විය. ඇල්ෆොන්සෝ කැනෝ (63) ඝාතනයත් සමඟ ගරිල්ලන් අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළ කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්, කියා සිටියේ  අවි බිම දමා යටත් වන ලෙසය. විප්ලවීය කැරැලිකරුවන් කණ්ඩායමක් ලෙස බිහිවූ ෆාර්ක් සංවිධානය, ආයුධ අතට ගත්තේ 1964 වසරේදී ධනවත් ඉඩම් හිමියන්ගෙන් අහිංසක ගැමියන්ට      සිදුවන අසාධාරණකම්වලට එරෙහිවය. ඉන් වසර ගණනකට පසු ඔවුන් කොලොම්බියා රජය සමඟ අවි ගැටුමකට මුල පිරුවේ, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් කිරීමත් ඒ හරහා ඔවුන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමටත් පෙළඹීමෙන් පසුවය. ගරිල්ලා සටන්කාමී සංවිධානයක් ලෙස ෆාර්ක් සටන්කාමීන් සහ කොලොම්බියා රජය නිරන්තරයෙන් ගැටුණු අතර අඩසියවසක් තිස්සේ පැවැති එම ගැටුම් නිසා මේ වනවිට මිලියන හතරකගේ ජීවිත අහිමිවී ඇතැයි ද වාර්තා වේ. ලතින් ඇමෙරිකා රටක පැවැති දීර්ඝතම සිවිල් යුද්ධය ද එයයි. ගැටුම් පවතිද්දී පවා ජනාධිපති සැන්ටෝස්, ෆාර්ක් නායක ඇල්ෆොන්සෝ කැනෝ සමඟ අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය. හමුදා ප‍්‍රහාරයකින් ඇල්ෆොන්සෝ කැනෝ මියගිය බව ෆාර්ක් සංවිධානය ද ඒ බව පිළිගෙන ඇතැයි වාර්තා වේ. හමුදාව බාරයට පත් කැනෝගේ මළ සිරුර රහස් ස්ථානයක තබා ඇති බව කොලොම්බියානු පුවත්පත් පෙන්වා දෙයි. කොලොම්බියා රජයට කැනෝ සැඟවී සිටි තැන සොයා ගෙන ඔහු ඝාතනය කිරීමට හැකි වූයේ වසර ගණනක් තිස්සේ තොරතුරු සොයමින් සහ ඒවා අධ්‍යනය කිරීමෙන් පසුව යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. කොලොම්බියාවේ කෝකා කඳුකරයේ ස්ථානයකට හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් කැනෝ පමණක් නොව ඔහුගේ පෙම්වතිය සහ තවත් සටන්කාමීන් කීප දෙනෙකු ද මියගිය බව හමුදාව පවසයි. කැනෝ ඝාතනය කිරීමට සමත් වීම කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත්, නායකයාගේ මරණින් පසු ෆාර්ක් ගරිල්ලා සංවිධානය ඇද වැටෙනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් ෆාර්ක් සංවිධානය පවසන්නේ තම නායකයා මියගියත් ඔහු ආරම්භ කළ සටන ජයග‍්‍රහණය තෙක් පවත්වාගෙන යන බවය. කැනෝ මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන කෙනකුට ඇමෙරිකන් ඩොලර් 37 ලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමට කොලොම්බියා රජය නිවේදනය කර තිබුණි. ඝාතනය කෙරුණු ෆාර්ක් නායකයා කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ෆාර්ක් නායකයාගේ මරණය දැනුම් දෙමින්...



අදහස් (0)

කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 42 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 55 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 71 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 831 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 144 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 103 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 430 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site