මිට වසර 30 කට පමණ ඉහතදී වයස අවුරුදු 17 කොලූගැටයෙක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංඉවුරක් අසබඩ පැළ කිහිපයක් සිටැවීය.පෙරදා ගැලු ගංවතුරෙන් ගසාගෙන පැමිණි සතුන් රෑනකගේ මළ සිරුරු ඔහු පසෙකය.උන් මියගොස් තිබෙන්නේ දැඩි හිරු රශ්මිය නිසාය.ගංඉවුරක වුවත් පෙනෙන තෙක් මානයක ගහක් කොළක් නොමැත.කෙසේ හෝ ගස් කිහිපයක් හෝ පැළ කරන්නෙමියි සිතා මේ කොලූ ගැටයා වැඩෙහි යෙදෙනුයේ ඒ අරමුණෙන් මෙහෙයවීය.
කාලය ගෙවී ගොස් දැන් 2013 වසරයි.දැන් මේ කොලූගැටයා මැදිවියේය.එදා ගස් කිහිපයක් සිටුවා ආරම්භ කළ කර්තව්‍යය දැන් අක්කර 1360 පුරා පැතිරුණු මහා ගණ වනාන්තරයක් බවට පත්ව හමාරය.
‘‘අවුරුදු 15 යි මට මේ හරියේ වනාන්තරයක් ඇති කරන්න සිතෙනකොට.ඒ දවස් වල ගොඩක් අය මට හිනාවෙන එකමයි කරේ.මට කවුරුත් හිටියේ නැහැ. තනියමයි ජීවත් උනේ.අනික් අයගේ කීම නොඅසා මම මගේ අරමුණ ජය ගන්න වැඩ කළා.මුලින්ම මම ගියා බළධාරීන් හම්බවෙන්න.ඔවුන් කීවේ මේ වැලි සහිත ප්‍රදේශයක් නිසා උණ ගස් වවන්නය කියලා.හරිම අමාරු වැඩක්.ඒත් කොහොමහරි මම ඒක කළා. පස්සේ ගස් වවන්න ගත්තා‘‘.ඒකත් සාර්ථක වුනා.එතකොටයි අනිත් අයට මගේ වැඩේ අගේ තේරෙන්න ගත්තේ‘ පවසන්නේ දැන් 47 වැනි වියේ පසුවන ජඩව් මෝලායි පයෙන්ග් නම් මේ දිරිය මිනිසාය.
විවාපත්ව ඇති මෝලායි සිය බිරිද සමග ජීවත්වනුයේ ඔහුගේ අතින්ම පැළ කරගත් වනාන්තරයේ සාදාගෙන ඇති කුඩා නිවහනකය.සත්ත්ව පාලනයෙන් දිවි ගැට ගසා ගන්නා හෙතෙම වනාන්තරයේ ගස් කැපීමට පැමිණෙන්නන් පළවා හැරීමද සිදුකරයි.
ජෛව විවිධත්වයෙන් අනූන මේ වනාන්තරය ඇති කිරීමට මුල් වූ දිරිය මිනිසාගේ නාමයෙන්ම වනාන්තරය නම් කිරීමටද බළධාරීන් ක්‍රියාකර ඇත.වනාන්තරය දැන් හැදින්වෙනු ලබන්නේ ‘‘මෝලයි වනය‘‘ ලෙසටය.
‘‘අපටත් පුදුමයි මේ මිනිසාගේ හයිය ගැන.ඇත්තම කියනවනම් අප හිතුවේ නැහැ මේ වගේ ප්‍රදේශයක ගස් වවන්න පුලූවන් වෙයි කියලා.ඒත් මොහු එය කරලා පෙන්නුවා.ඔහු ඇත්තටම අප සියලූ දෙනාගේ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්‘‘ පවසනුයේ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිළධාරී ගුනින් සයිකියාය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලයක් වවා මිහිකත සනසයි
ගාමිණී Wednesday, 03 April 2013 10:24 PM
වසර ගණනාවක සිට ම පරසරය වෙනුවෙන් ඔහු කල අගනා සේවයට වන සංරක්ෂණ නිලධාරී නෙවේ, වන සංරක්ෂන අමාත්‍ය දූරයක් පිරිනැමීම ඉතාමත් වටින දෙයක්! ඉන්දියානු රජය තව දුරටත් අධීක්ෂණය කිරීම වැදගත්.(නදී)
චන්දන දුනුආරච්චි Wednesday, 03 April 2013 11:08 PM
ඔබ ආදරණීය මිනිසෙකි. කාලය ඔබ සදා අමරණීය කරනු ඇත. මගේ හද ඔබ වෙනුවෙන් උණුසුම් හැගුමින් පිරී ඇත. ඔබට මගේ ආචාරය ආදරණීය මිතුර !!!!!! (ත)
චන්දන දුනුආරච්චි Wednesday, 03 April 2013 11:23 PM
මා ඔබ හදවතින්ම වැළඳ ගැමි මගේ මිතුර (ත)
අමිළ Wednesday, 03 April 2013 05:59 PM
ඒකටත් එක්ක අපේ අය.(නදී)
විමල් Thursday, 04 April 2013 04:29 AM
"ආරාම රෝපා වන රෝපා" දිවා රැ පින් සිදු වන වැඩක් .(නදී)