චීනයේ උමං දුම්රිය නැවතුමක පෙම්වත්තු දෙදෙනෙකි.පෙම්වතිය නොනවත්වාම කියවන්නීය.පෙම්වතාට වගේ වගක් නැත.අලූතින්ම මිලයට ගෙන ඇතැයි පෙනෙන අයිපෝනයක් සමග ඔහු වෙනම ලෝකයකය.
පෙම්වතියගේ හඬ එන්න එන්නම සැරය.සියලූදෙනාගේම අවධානය ඔවුන් වෙතය.
ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය සෙයක් පෙනුණි.පෙම්වතාගෙන් අයිපෝනය උදුරාගන්නට ඇය තැත් කළාය.
එය අත් හැරියේ නම් ඔහු නොවේ.බියපත් දරුවෙකු තම මවගේ අතෙහි එල්ලෙන්නාක් මෙන් ඔහු තම ‘‘වස්තුව‘‘ වන අයිපෝනයේ එල්ලීගෙනය.
ඇය නැවත වරක් ඇද්දාය.ඔහු පය පැකිළී බිම වැටුණේය.තවමත් අයිපෝනය ඔහුගේ අතේය.
ඇය කෝපයෙන් පිපිරෙන්නීය.දුම්රියද පිටත්ව යෑමට ආසන්නය.පෙම්වතා බිමය.ජංගම දුරකථනය ඔහුගේ අතේ සිරවීය.
කෝපයෙන් මිමිණූ ඇය තම පෙම්වතාව ජංගම දුරකථනයෙන්ම ඇදගෙන දුම්රිය වෙත යන්නට ගත්තාය.ඔහුගේ උරිසට පය තබා වැර යොදා ඇද දුරකථනය තමන් අතට ගැනීමට ඇය තැත් කළාය.
එයද සාර්ථක නොවුනි.දුරකථනය ගැලවිය නොහැකි සේ පෙම්වතාගේ අතට සවිකර ඇත්තාක් මෙනි.
මෙයින් පසු ජංගම දුරකථනයෙන් තම පෙම්වතාව වෙන් කරන්නට ඇය තැත් නොකළාය.එයින්ම ඇදගෙන ඔහුව දුම්රියට ගොඩ කළාය.ඇයද නැග ගත්තාය.
දුම්රිය පිටත්ව ගියේය.
අවට සිටියෝ විවිධ අදහස් පළ කළහ.මෙය දුරකථන සමාගමක ප‍්‍රචාරක උපක‍්‍රමයක් වන්නට ඇතැයි ඇතැම්හු කීහ.
නමුත් බොහෝ දෙනා මේ නම් රගපෑමක් නොවන බව පැවසූහ.
දුම්රිය මැදිරියේදී නම් දෙදෙන ගැටුම සමථයකට පත්කර ගත් බව එහි සිටි මගියෝ පසුව කීහ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙල්ලට වඩා අයි ෆෝනය ලොකු වෙලා
ප්‍රභාත් Tuesday, 26 August 2014 05:51 PM
කෙල්ලො වගෙද අයි ෆොනේ කොල්ල දන්නවා මොකක්ද වටින්නෙ කියල. (දී)
අතුල බංඩාර Sunday, 31 August 2014 10:04 AM
මේ දෙන්නා මානසික රෝගයකින් පෙලෙන දෙදෙනෙක්. මේ තරුණයා අයි පෝන් එකට ආදරය කරනවා. මොහුට මනුස්ස ගති ගුන සහ මිනිස් සිතුවිලි ඇති තරුණයෙකුට ආදරය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
හිරෝශනී Tuesday, 26 August 2014 10:18 AM
තමන්ගේ ආදරයට වඩා ෆෝන් එකක් කවදාවත් කාටවත් වටින්නේ නැහැ. කෙනෙක්ගේ අවසානය වනතුරු තමන්ගේ ආදරය පමණි හැමදාම පවතින්නේ.(දී)
රනා Tuesday, 26 August 2014 03:29 AM
මේ වීඩියෝ එක හදල තියෙන්නේ සිද්දිය පෙන්නන්න නොවේ (දී)
අජිත් Monday, 25 August 2014 12:27 PM
ඕවට තමා කියන්නේ මල විකාර කියල. (අ)
පිටබැද්දර ජයා Monday, 25 August 2014 01:07 PM
මොලේ තියෙන කොල්ලෙක් ! (අ)
සේනුර Monday, 25 August 2014 01:07 PM
එයා මහා පල් මෝඩයෙක් නේ. (අ)
ගනිදු Monday, 25 August 2014 01:23 PM
හොඳ වෙලාවට අපේ රටේ මෙච්චර දේවල් පෙල නැහැ (අ)
කල්ප Monday, 25 August 2014 01:32 PM
පිස්සු හැදෙයි (අ)
හැරිසන් Monday, 25 August 2014 08:20 AM
අනේ මෙහෙමත් වැඩ! (නි)
තිමෙත් Monday, 25 August 2014 04:00 PM
නිදහස සොයන තවත් එක කොල්ලෙක් (අ)
ඉසුරන්දි Monday, 25 August 2014 08:45 AM
පේනවා නේද ටිකිරි මොළේ? (නි)
රිස්වාන් ඩුබායි Monday, 25 August 2014 08:43 AM
අයියෝ මෙහෙමත් මෝඩ කොල්ලෙක්? අයිෆෝනය වගේද කෙල්ලෙක් නැති වුණොත්? (නි)
තාරක Tuesday, 26 August 2014 07:35 AM
කෙල්ලට වඩා නම් ෆෝන් එක වටිනවා තමා .(දී)
සමරේ(ගාල්ල) Monday, 25 August 2014 08:47 AM
මේ වාගේ සිද්ධියක් මම කොළඹ අවමඟුල් ගෙදරකදි දැක්කා (නි)
නිමාලි Monday, 25 August 2014 08:53 AM
ලංකාවේ එහෙම මේක වුණා නම් මේ වෙනකොට මොනවා වෙලා තියෙයිද? (නි)