ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවී තිබේ.
පරිසරවේදීන් පවසන්නේ මානව ක්‍රියාකාරකම් තෙත් බිම් විනාශ වීම හේතුවෙන් ඔවුන් ඉතා සීමිත තෙත් බිම් සහිත පරිසරයන්ට කේනද්‍රගත වී ඇති බවයි. හේතුවෙන් මෙම කුරුල්ලන්ඉතිරිව ඇති තෙත් බිම් කිහිපයකට ඒකරාශී වී ඇති බවයි.
මෙම පර්යේෂණය පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර කුරුළු සංරක්ෂණය නැමැති ජර්නලයේ ප්‍රකාශයට පත්කර තිබේ.
එම පර්යේෂණය කල අය පවසන්නේ ඔවුන්ගේ සමීක්ෂණයට අනුව දැනට ලෝකයේ දැකිය හැක්කේ පෝර්චඩ් පක්ෂීන් 25ක් වැනි සුළු පිරිසක් බවයි.
මානව ක්‍රියාකාරකම් වන විනාශය සහ මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම සතුන්ගේ වාසභූමි විනාශ වි ගොස් ආහාර ද හිඟ වි ඇත. මෙම සතුන්ගේ ඉතිරිව සිටින අවසන් කීප දෙනාගේ වාසභූමිය ලෙස සීමා වී ඇත්තේ ගිනිකොන දිග මැඩගස්කරයේ පිහිටි එකම තෙත්බිම පමණකි.
පර්යේෂණ ප්‍රධානි ආචාර්ය ජොෆ් හිල්ටන් පවසන්නේ මෙවැනි සංඛ්‍යාවෙන් ඉතාමත් සිමිත ප්‍රමාණයක් සිටිනා කුරුල්ලන් ගැන සෘජු ඇස්බැල්මක් තිබිය යුතු බවයි.
‘‘ අපි ලඟ ගැහැණු සතුන් 10 ක් හෝ 11 ක් පමණයි සිටින්නේ මෙයින් වැඩි ප්‍රමාණයක් බිත්තර දමනවා ඒ වාගේම උන් එම බිත්තර රකිනවා නමුත් පැටවුන්ට සති දෙකක් හෝ තුනක් ගිය පසු නොපෙනි යාමට පටන්ගෙන තිබෙනවා“ යැයි හිල්ටන් පවසයි.
මේ සතුන් ආහාර සොයා ගන්නේ දිය යට කිමිදිමෙනි. පර්යේෂකයන් සොයාගත් සාක්ෂිවලට අනුව සතුන් මියයන්නේ කුසගින්නෙන් යැයි ද පර්යේෂකයෝ කියති. මේ විල් ඉතා ගැඹුරින් යුතුවීම නිසා ඔවුන්ට ගොදුරු සපයා ගැනීම අසීරු කටයුත්තකි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුසගින්නේ මියයන ලොව දුර්ලභම කුරුල්ලා
සරණ Wednesday, 27 August 2014 05:01 AM
ලොව දරුණුම සත්ත්වයා මිනිසාය. තම වර්ගයා ද, අනෙකුත් සත්ත්වයින්ද විනාශ කරයි. එසේත් නැතහොත් විනාශයට මග පාදයි. (නදී)
රූපවතී Wednesday, 27 August 2014 05:23 AM
අපෙත් ලංකාවේ වැව් වල "සේරු " කියල පක්ෂීන් විශේෂයක් හිටිය ඒ මෙයාලමයි මම හිතන්නේ..?දැන් දකින්නත් නැහැ? (නදී)
එදිරිසිංහ Monday, 01 September 2014 08:15 AM
මිනිසුන්ට වගේම සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා.මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒවා නැතිවෙනවා නම් ඒ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ මිනිසුන්ගේ ක්‍රියා හෙළාදකිමු. (නි)
ඉන්දික Wednesday, 27 August 2014 05:41 AM
පරිසරවේදීන්ට පුළුවන් කමක් නැද්ද ඒ රටේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ සත්ත්ටු රැකගන්න පුළුවන් වැඩ පිළිවෙලක් ඇති කරන්න? (අ)
රජින්ද Tuesday, 26 August 2014 06:58 PM
වත්මන් මිනිසා විෂඝෝර සර්පයින්ටත් වඩා භයානක ලෙස මිහිකත වනසමින් තමන්ද වැනසෙමින් පවතී. (නි)
වරුණ Thursday, 28 August 2014 03:22 AM
අනේ දෙවියනේ! (නි)
ගයාන් Wednesday, 27 August 2014 06:57 AM
මොරිෂස් දුපත් වල හිටපු ඩෝඩෝ පක්ෂියා වගේ වදවෙලා යයි ඉක්මනටම. (නදී)
නන්දා Wednesday, 27 August 2014 06:58 AM
සමහර සතුන්ට කාල ගුණයේ පරිසරයේ කුඩා වෙනසක් වුනත් බලපානවා. කොහොම වුනත් මිනිසාගේ පැවැත්ම නිසා ලෝකයෙන් සමහර සතුන් වර්ග වද වී යාම අනිවාර්යයි. (නදී)
හේවාවිතාරණ Wednesday, 27 August 2014 12:47 PM
අපේ රටේ ඉන්න කපුටත් ඒ වගේනේ (අ)
හර්ෂ Wednesday, 27 August 2014 07:03 AM
ලැව් ගිනි, ගං වතුර , ඉඩම් ගොඩකිරීම් වැනි දේ නිසා අපේ රටෙත් මේ වගේ කුරුළු විශේෂ කොපමණ ප්‍රමාණයක් වදවී ගිහින් ඇද්ද ? (නදී)
අර්ජුන රණසිංහ Thursday, 28 August 2014 03:31 PM
මේ වගේ ලිපි ගොඩාක් වැදගත් (අ)
පුබුදු Wednesday, 27 August 2014 04:40 PM
ලංකාවේදි මේ සත්තු අභිජනනය කරන්න බැරිද දන්නේ නැහැ (නදී)
සුපුන් Thursday, 28 August 2014 10:49 AM
පරිසරයේ ජෛව විවිධත්වය රැක ගැනීම සියලු දෙනාගේම යුතුකමක්. ඒ නිසා ඒ රටේ බලධාරීන් මේ ගැන පියවරක් අරගෙන මේ සතුන් ආරක්ෂා කිරීමට කැප විය යුතුයි.(අ)