මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය. උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නගර වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි.
යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි.
යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය.
යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි. ඒ වනවිටත් ගුවන් තොටුපොළ සෙන්ටි මීටර් 22 ක හිම තට්ටුවකින් වැසී පැවැතිණි.
කෙසේ නමුත් යානය උඩු යටිකුරු වූයේ කෙසේදැයි යන්න සොයා බැලීමට කඩිනමින් විමර්ශන ආරම්භ කළ බව කැනඩා ගුවන් ගමන් බලධාරීහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.
අනතුරත් සමඟ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු අතර, පිටත්වීමට නියමිත ගුවන් යානා ප්‍රමාද කෙරුණි.
උඩු යටිකුරු වුණු ගුවන් යානය ලිස්සා ගොස් නගර වුණු සැණින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් වහා ක්‍රියාත්මක වූ බවත්, මගින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීමට වෙහෙසුණු බවත් පැවැසෙයි.
(Daily Mail)
ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන චොකලට්මය ආහාරයක් වන නූටෙලා Nutella නිර්මාතෘ ඉතාලි ජාතික ෆ්‍රැන්සෙස්කෝ රිවෙල්ලා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 97 කි.
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනප්‍රිය බටහිර ගායිකා ශකීරා රෝහල්ගත කර ඇති බවත්, ඇයගේ ඉදිරි ප්‍රසංග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් වාර්තා වේ. ශකිරා රෝහල්ගත කර ඇත්තේ උදරයේ ඇතිවුණ
ඇෆ්ගන් රජය නියෝජනය කරමින්, එරට තලේබාන් නියෝජිත කණ්ඩායමක්, ජපානයේ නිල සංචාරයක යෙදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි
Kith Tuesday, 18 February 2025 06:14 AM
ඩෙල්ටා ගුවන් සේවය තමයි ඇමෙරිකාවේ විශාලතම ගුවන් සමාගම.. එය කැනේඩියානු එකක් නෙමෙයි
ravin Tuesday, 18 February 2025 01:54 PM
කොහොමත් කැනඩාව උඩු යටිකුරු කරනවා කියලා අලුත් ලොක්කා හදනවා කියලා නම් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපි දැක්කා...