අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
කොංගෝ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 500 කට වැඩි පිරිසක් අවතැන් වුණු බවත්ය.
මහ වැසි සමඟ පිටාර ගැලුවේ, ජීලී ගංගාවය. මෙම ගංගාව, මිලියන 17 ක් වාසය කරන කින්ෂාසා අගනුවර මැදින් ගලා බසින ප්‍රධාන ගංගාව වෙයි.
ජීලී ගංගාව පිටාර ගැලීමෙන්, අගනුවර ප්‍රධාන මාර්ගය මුළුමනින්ම යට වී ගියේ ගමනා ගමන කටයුතු අඩපණ කරමිනි. ජල ගැලීමත් සමඟ මාර්ගයේ තැනින් තැන සිරවුණු පිරිස්, පැය ගණනක් කොටු වී සිටි බව පැවැසෙයි. ඇතැමුන් ඔවුන්ගේ මෝටර් රථ තුළ රැය පහන් කළ බව ද වාර්තා වේ.
ගංගාව පිටාර ගලද්දී, ගංගාව අසලින් ඉදි කර තිබුණු නිවාස පෙළක් කඩා වැටුණු බව පැවැසෙයි. මියගිය වැඩි දෙනා එම නිවාසවල වැසියන්ය. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු එම කඩා වැටුණු නිවාසවල සිටි බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔව
වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ
ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී