රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින, උතුරු කොරියානු සොල්දාදුවන් පිරිසක්, යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවකදී පැවැසීය.
රුසියානු යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය පළ කරමින්, ඊට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
කෙසේ නමුත්, යුක්රේන හමුදා විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී, එම උතුරු කොරියානු සොල්දාදුවන් බරපතල ලෙස තුවාල ලබා සිටි බවත්, එම තුවාල හේතුවෙන් ඔවුන් සියලු දෙනා මියගිය බවත් යුක්රේන ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කර ඇත. උතුරු කොරියානු සොල්දාදුවන් තුවාල ලැබුවේ, යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකිනි.
‘යුද සිරකරුවන් ලෙස අපේ සොල්දාදුවන් උතුරු කොරියානු සොල්දාදුවන් අල්ලා ගත්තා. ඒත් ඒ වනවිටත් ඔවුන් බරපතල ලෙස තුවාල ලබා සිටියා. අපි ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් ඔවුන් එම තුවාල හේතුවෙන් මියගියා’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කළේය.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ සමීපතම මිත්‍රත්වයකි. රුසියනු යුක්රේන යුද්ධයට උතුරු කොරියාව මැදිහත් වී සිටින්නේ රුසියාවට සහාය පළ කිරීමක් ලෙසය. යුක්රේනය සහ රුසියාව සේම, රුසියාව සහ උතුරු කොරියාව ද අසල්වැසි රටවල්ය.
උතුරු කොරියාවේ මිසයිල, ආයුධ නිෂ්පාදන සහ අභ්‍යවකාශ වැඩසටහන්වලට සහාය දක්වන්නේ රුසියාවය. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, උතුරු කොරියාව, ඔවුන්ගේ සොල්දාදුවන් 10,000 ක් රුසියනු යුක්රේන යුද්ධයට සම්බන්ධ කරමින්, රුසියාවට යවා ඇති අතර, එම සොල්දාදුවෝ රුසියන් හමුදාවට සහාය දක්වමින් පෙරමුණ සටන් බිමට ගොස් සිටිති. මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාරවලින් මියගිය උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර ස
දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කොරියා හමුදා සෙබළුන් යුක්රේන හමුදා ග්‍රහණයේ