IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ගඟක් ගිලලා උස යන එවරස්ට්

චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එය 8,848 කි. එවරස්ට් මුදුනට යෑම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.

එවරස්ට් කන්දේ උස සෑම වසරක් පාසාම මිලිමීටර් දශම ගණනකින් වැඩිවෙයි. එය එසේ වන්නේ ඇයිදැයි සෙවීමට, වසර ගණනාවක් තිස්සේ භූ විද්‍යාඥයෝ වෙහෙසුණාහ. දැන් ඔවුන් ඊට පිළිතුරු සොයාගෙන අවසන්ය. එවරස්ට් කන්ද උස යෑමට පටන් ගත්තේ, මීට අවුරුදු 89,000 කට පෙර, එක් ගංගාවක්, තවත් ගංගාවක් ගිල දමා, මහා ගංගාවක් වූ නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

භූ විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් කන්ද වසරක් පාසා උස යන්නේ මිලි මීටර් කීපයකිනි. මිලි මීටර් කීපයක් යනු ලොකු දෙයක් නොවේ යැයි සිතුනත්, පසුගිය වසර දහස් ගණන තිස්සේ, එවරට්ස් කන්ද අඩි 164 ක් උස වැඩි ඇත. එවරස්ට් කන්ද උස යෑම ආරම්භ වූයේ එය නිර්මාණය වූ අවස්ථාවේ පටන් ය. නිවැරදිව කීවොත් වසර මිලියන 50 ක් ඈත අතීතයේ සිටය. එදා යෝධ භූ තැටි දෙකක් එකිනෙක ගැටුණි. එය භූමිය කම්පා කළ මහ බිහිසුණු ඝට්ටනයකි. එක මත එක ගැටෙන්න වූයේ ඉන්දීය භූ තැටිය සහ යුරේසියානු භූ තැටියයි. එක භූ තැටියක් අනෙක් භූ තැටිය මත වැටුණි. පෘථිවියේ පිට පොත්ත දෙදරා ගියා පමණක් නොවෙයි, ඇඹරී ගියේය. ඒ සමඟ කඳු වැටියක් ඉහළට නිර්මාණය විය. ඒ, එවරට්ස් අයත් හිමාල කඳු වැටියයි.

පෘථිවි කබොල (Crust) ඉතා දැඩි ගතියකින් යුක්ත යැයි කීවද භූ විද්‍යාඥයන්ට අනුව එය එසේ නොවෙයි. පෘථිවි කබොල යනුවෙන් හැඳින්වෙන්නේ, පෘථිවිය මතුපිට ඇති සිහින් තුනී ස්තරයකි. ප්‍රචණ්ඩ ආකාරයෙන් භූ තැටි වෙනස් වීමක් හෝ ගැටීමක් සිදුවෙද්දී, කඳු වැටිවල බර පෘථිවි කබොලට දැනෙයි. පෘථිවි කබොලට යටින් ඇත්තේ ප්‍රාවරණයයි (Mantle). මෙය කොටස් දෙකකි. ඒ, ප්‍රාවරණය (Mantle) සහ ඉහළ ප්‍රාවරණය (Upper-Mantle) යනුවෙනි. ප්‍රාවරණය පාවෙනසුලුය. මෙය නිරන්රයෙන් ඉහළට තල්ලු වන ස්තරයකි. හිමාල කදු වැටිය ඇති ස්ථාන නිතර ඉහළ පහළ යයි. එය ඇසට නොපෙනෙන ඉතා සියුම් ක්‍රියාවලියකි. ඉතා සියුම් ක්‍රියාවලියක් වුවත් භූමියේ වෙනස්වීම් ඇති කිරීමට ඊට හැකිවිය.

වසර 89,000 කට පෙර, ප්‍රාවරණය ඉහළ පහළ යද්දී, එවරස්ට් කන්දේ සිට නැගෙනහිර දෙසින් පිහිටි ගංගාවක්, එහි ගමන් මඟ වෙනස් කළේය. මෙම ගංගාව අරුන් ගංගාවය. ගමන් මඟ වෙනස් කළ අරුන් ගංගාව, ඊට උතුරු දෙසින් පිහිටි තවත් ගංගාවක් දක්වා විහිදී ගිය අතර, එම ගංගාවේ ජලය සියල්ල අරුන් ගංගාව විසින් සොරා ගත්තේය‍. එකට එක්වුණු ගංගා දෙක මහා විශාල ගංගාවක් බවට පරිවර්තනය විය. මේ මහා ගංගාව ප්‍රචණ්ඩ ස්වරූපයෙන් ගලා බසින්න වූයේ එවරස්ට් කාන්ද පාමුල අවසාදිත පාෂාණ ටොන් බිලියන ගණනක් ඛාදනය කරමිනි‍.

එවරස්ට් කන්ද පාමුල භූ විෂමතා රැසක් නිර්මාණය විය. එහි අවසානය වූයේ එවරස්ට් කන්දේ උස වෙනස් කරමිනි. එදා සිට එවරස්ට් කන්ද උස යෑමට ආරම්භ විය. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම වන්නේ මෙයයි. එවරස්ට් කන්ද සෑම වසරක් පාසාම උස යන අතර එය තවත් වසර මිලියන ගණනක් සිදුවනු ඇත. එසේ වුවත් එක් දිනෙක, එවරස්ට් කන්ද උස යෑම නවතිනු ඇති බවත් එදාට හිමාල කඳු වැටිය ආශ්‍රිතව තවත් භූ පෙරැළි දකින්න ලැබෙනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.



අදහස් (0)

ගඟක් ගිලලා උස යන එවරස්ට්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 1003 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා
2024 ඔක්තෝබර් මස 27 334 0

ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉ


ජර්මන් චාන්සලර් ඉන්දියාවේ
2024 ඔක්තෝබර් මස 27 59 0

ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් විය. ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වූයේ ජර්මන් චාන්සලර් ඕලාෆ්


ගඟක් ගිලලා උස යන එවරස්ට්
2024 ඔක්තෝබර් මස 27 235 0

චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එ


ට්‍රැමී කළ හානිය දරුණුයි
2024 ඔක්තෝබර් මස 27 41 0

පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්


හඳට යන්න අලුත් ඇදුමක්
2024 ඔක්තෝබර් මස 27 43 0

‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site