IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල්

කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැසියකු වන නයිගර් රාජ්‍යය පවසයි. ලිබියා/නයිගර් දේශසීමාව හරහා අල් සාදි, නයිගර් රාජ්‍යයට පැමිණියේ හමුදා රථ පෙළකින් යැයි නයිගර් අධිකරණ කටයුතු අමාත්‍ය අමාදෝ මොරෝ ප‍්‍රකාශ කරයි. තිස් හත්වැනි වියෙහි පසුවන සාදි ගඩාෆි නයිගර් රාජ්‍යයට පැමිණි ඇත්තේ තවත් ලිබියානු ජාතිකයන් නව දෙනකු ද සමඟ බවත් ඔවුන් මේ වනවිට අගාදේස් නගරයේ සිටින බවත් නයිගර් රජය වැඩිදුරටත් කියා සිටියි. ගඩාෆි පුතුට රැකවරණ දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප‍්‍රංශය මෙන්ම ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන අන්තර්වාර පාලක මණ්ඩලය නයිගර් රජයට දොස් පවරයි. මීට දින කිහිපයකට පෙර ද ලිබියානු බළ ඇණියක් සහ හමුදා රථ 200 ක් පමණ ලිබියා/නයිගර් දේශසීමාව හරහා නයිගර් රාජ්‍යයට පැමිණියේය. එම අවස්ථාවේදී ලිබියා කැරැලිකරුවන් සහ ප‍්‍රංශ හමුදාව කියා සිටියේ ගඩාෆි සහ ගඩාෆිගේ වැඩිමල් පුතු සයිෆ් අල් ඉස්ලාම් දේශසීමා හරහා නයිගර් රාජ්‍යයට පලා ගිය බවය. එහෙත් ගඩාෆි පසුගියදා හඬ පටයකින් කියා සිටියේ තමා ලිබියාව අතහැර පලා නොගිය බවත් දිගටම කැරැලිකරුවන් සමඟ සටන් වදින බවත්ය. මේ අතර මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළ බවට චෝදනා එල්ල වී සිටින ගඩාෆි සහ සෙයිෆ් අල් ඉස්ලාම් ඇල්ලීම සඳහා ඉන්ටපෝල් හෙවත් අන්තර් ජාතික පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කර තිබේ. ලිබියානු ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අල්ලා ගත් අවස්ථාවේදී ගඩාෆි බිරිය, දියණිය, මොහොමඞ් සහ හැනිබල් යන පුත්තු ලිබියාවේ අසල්වැසියකු වන ඇල්ජීරියාවට පලා ගියහ. ඔවුන්ට ඇල්ජිරියා රජයේ ආරක්ෂාව ලැබේ.



අදහස් (0)

ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 5354 5

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා
2025 අප්‍රේල් මස 07 180 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය


කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී
2025 අප්‍රේල් මස 07 137 0

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.


යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 07 217 0

රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔව


පාප්තුමා ශාන්ත පීතර චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 07 48 0

වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ


ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි
2025 අප්‍රේල් මස 07 59 0

ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 767 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 608 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1053 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site