IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගිනි කන්ද පුපුරා ලාවා ගලයි

අයිස්ලන්තයේ බාඩර්බුන්ගා ගිනිකන්ද පුපුරා ලාවා මිටර 30 පමණ ඉහලට විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යාඥයන් පවසන්නේ ගතවූ පැය 12ක පමණ කාලයේ දී ගිනිකන්දේ භූ කම්පන 300ක් පමණ සිදුවූ බවයි. ගිනිකන්ද පුපුරා ගිය ද අළු පිටවීමක් නොවූ බව ද ඔවුහු කියති. මුහුදු මට්ටමේ සිට සැතපුම් තුනක් පමණ ඉහළට මෙහි සුදු පැහැති දුම හා වායු විහිදී ගොස් ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ වායු අතර ඉතා අහිතකර වායු වර්ග ද තිබිය හැකි බවයි. කන්දේ ඇතිවී තිබෙන සැතපුමක් පමණ දිග පැල්මකින් ගඟක් ගලන්නා සේ ගින්දර දක්නට ලැබෙයි.

ගිනිකන්ද බැලීමට එන සංචාකරයන් ගෑස් ආවරණ පැළඳිය යුතු බව ද විද්‍යාඥයෝ අවධාරණය කරති. මින් පෙර ගුවන් ගමන් නවතා දමන ලෙස නිකුත් කළ රතු සංඥාව දැන් තැඹිලි පැහැය දක්වා වෙනස් කැර ඇත. ගිනි කන්ද පිපිරී ගිය ද අළු පිටනොවීම හේතුවෙන් එහි අවධානම අඩුවීම සංඥාවේ පැහැය වෙනස් කිරීමට හේතුවයි.

කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ මේ ස්වභාවය ඕනෑම මොහොතක වෙනස් වී ගිනිකන්දෙන් අළු පිටවීමට ද ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඔවුහු කියති. 1409668248103_wps_27_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668306587_wps_29_A_plume_of_smoke_rises_fr  1409668372966_wps_40_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668421622_wps_43_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668448882_wps_50_A_man_stands_near_to_a_la New Volcanic Eruption In Southeast Iceland As Viewed From The Air 1409674645414_wps_61_In_this_aerial_view_fount



අදහස් (0)

ගිනි කන්ද පුපුරා ලාවා ගලයි

හීරා Thursday, 04 September 2014 03:42 AM

මේවා ඔක්කොම මැවුම් කරුගේ වැඩ තමයි. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 04 September 2014 05:20 AM

චමත්කාර දසුනක් (නදී)

:       0       0

ආනන්ද Thursday, 04 September 2014 11:54 AM

එක්කෙනෙක් ලගට ගිහින්. හිතා ගන්න බෑ කොහොමද එච්චර ලගට ගියේ (නදී)

:       0       0

නාරද Wednesday, 03 September 2014 04:06 PM

මේවට තමයි. කියන්නේ පන පිටින් අපායේ යනවා කියල .(අ).

:       0       0

ලක්ෂපාන Thursday, 04 September 2014 12:55 PM

අපරාදේ මේ වගේ ගිනිකඳු මැවුවේ. රත්තරන් කන්දක්වත් මැව්වා නම් සල්ලි තමයි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 08:57 AM

චමත්කාරයි ! ලස්සනයි ! බිහිසුණුයි ! ඔය ගලන ලාවා වලට තමයි අපේ උපාසක අම්මලා කියන්නේ අපායේ ලෝ දිය කියලා (නි)

:       0       0

රූපවකී Wednesday, 03 September 2014 09:35 AM

බයේ බැහැ, ගොඩාක් ලස්සනයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 26 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 36 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 13 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 15 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 308 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site