IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස්,  ‘බෙන්නු’ නමැති ග්‍රහකට ළං වී, එම ග්‍රහකයේ මතුපිට පස් සහ දූවිලි සූරා එක්රැස් කරගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය, වසර හතක මෙහෙයුම අවසන් කරමින් යළි පෘථිවිය බලා පැමිණියේය.

සූරා එක් රැස් කරගත් ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි තැන්පත් කෙරුණේ ‘ඔසයිරස් රෙක්ස්’ යානයට සම්බන්ධ කුඩා කැප්සියුලය තුළය. රොබෝ යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, පෘථිවිය අසලට පැමිණ, එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදා හැරියේය.

කැප්සියුලය, පෘථිවි වායුගෝලයට ඇතුළු වී, අධික වේගයෙන් පෘථිවි වායු ගෝලය හරහා පහළට පැමිණි අතර, කැප්සියුලයේ වේගය අඩාල වූයේ එහි පැරෂූට් දිග හැරීමෙනි. පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය අධික තාපයෙන් ගිනි ගන්න වූ අතර, එය ආරක්ෂා වූයේ ඊට සම්බන්ධ කළ තාප ආරක්ෂක පද්ධතිය නිසාය.

කැප්සියුලය, මීට සුළු මොහොතකට ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ ස්ථානයකට පතිත කෙරුණි. ඒ සියල්ල සිදුවූයේ පෙර සැලැසුම් අනුවය. පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පහළට පැමිණෙන ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නාසා විද්‍යාඥයෝ සූදානමින් සිටියහ.

‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය මීටර් 500 ක් පළල ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 දී ය. ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවියට වඩා පැරැණිය. එහි රහස් අනාවරණය කර ගැනීම, සෞරග්‍රහ මණ්ඩලයේ උපත සහ පරිණාමය පිළිබ‍ඳ අධ්‍යයනයට ඉතා වැදගත් බව නාසා ආයතනය පෙන්වා දෙයි.

2020 වසරේ දී ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයේ වේගයට සමාන්තර වේගයකින්, ඊට සමීපව පියාසර කළේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ඊට සම්බන්ධ රොබෝ අත යොදා ගනිමින්, ග්‍රහකය සූරා පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීම කළේ එම අවස්ථාවේදීය. එක් රැස් කර ගත් පස් සහ දූවිලි ප්‍රමාණය ග්‍රෑම් 250 කි. ඒවා යානය තුළ කුඩා කැප්සියුලයේ ආරක්ෂිතව තැන්පත් කෙරුණි. පෘථිවියේ ජීවය පහළ වීමේ රහස් අනාවරණය කර ගැනීමට ද මෙම පස් සහ දූවිලි උපකාරි වේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ ඈත පාවෙන ග්‍රහකයකින් පස් සහ දූවිලි පෘථිවියට ගෙනා පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජපානය, 2020 වසරේ දී, රොබෝ යානයක් යවා ග්‍රහකයකින් පස් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබේ. ඒ, ‘හයබූසා 2’ මෙහෙයුම යටතේය.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වෙද්දී එය පිහිටියේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 190 ක් දුරිනි.

 ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ 1999 සැප්තැම්බර් 11 වැනිදාය. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දක්වන්නේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසා පමණක් නොවන බව පැවැසෙයි. අනාගතයේ දිනක පෘථිවියට අනතුරක් විය හැකි ග්‍රහකයක් ලෙස විද්‍යාඥයන් ‘බෙන්නු’ ග්‍රහකය හඳුනාගෙන තිබේ.

2182 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ‘බෙන්නු’ගේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය. ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි අධ්‍යයනය කරමින්, ග්‍රහකයෙන් පෘථිවිය බේරා ගැනීමේ ක්‍රමයක් සෙවීමට ද අනාගතයේ නාසා විද්‍යාඥයන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.

කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු, ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක් වැය කරමින් නිපදවූ ‘ඔසයිරස් රෙක්ස්’ යානය තවත් මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ඈතට යැවීමට නාසා විද්‍යාඥයන් උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව, ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘ඇපෝසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට ගියේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ‘ඇපෝසිස්’ ග්‍රහකය නිරීක්ෂණය කරනු ඇත්තේ 2029 වසරේදීය.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (3)

ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

පියනන්ද Sunday, 24 September 2023 10:38 PM

මෙවැනි පුවත් අහන්නත් සතුටුයි. ස්තූතියි. ග්‍රහයෝ සහ තාරකා ගැන උදේ පාන්දර ඉඳන් පච හලන TV චැනල් සහ පචෝරිස්ලා නිසා අවිද්‍යා අන්ධකාරයටම ඇදිලා යන අපේ අලුත් පරපුරටවත් විද්‍යාවේ මේ ආලෝකය ලැබේවා!

:       0       2

අසිත සම්පත් Sunday, 24 September 2023 11:23 PM

ඉතා හොඳ වැදගත් මෙහෙයුමක්.මම ආසයි විශ්වය ගැන ඉගනගන්න

:       0       1

Bamunuarachchi Monday, 25 September 2023 07:16 PM

විශ්වයට ඉස්සෙල්ලා තමන් ගැන තමන් අවට ගැන ඉගෙනගන්න....!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරු
2025 අප්‍රේල් මස 25 1893 2

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටින


දකුණු කොරියානු හිටපු ජනපති අධිකරණයට
2025 අප්‍රේල් මස 24 74 0

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ


ඇපල් - මෙටා සමාගම්වලට දඩයක්
2025 අප්‍රේල් මස 24 160 0

යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්


තුර්කිය භූමිකම්පා මාලාවකින් කැලඹේ
2025 අප්‍රේල් මස 24 133 0

තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 3335 2

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 2285 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 803 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site