IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ග්වන්තනාමෝ රැඳවියන්ගේ උපවාසයට මාස හයයි

තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනවලට එරෙහිව ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳෙවියන් ආරම්භ කළ උපවාසයට ඊයේ (8) මාස 6 ක් සපිරුණි.
ග්වන්තනාමෝ බේ සිර කඳවුර පිහිටා ඇත්තේ කියුබාවේ කෙළවරක ඇමෙරිකා පාලනයට නතු ප‍්‍රදේශයේ ඇමෙරිකා නාවික කඳවුරකය. එම කඳවුර පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකාව කියුබාවට මුදල් ද ගෙවයි.

ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා ත‍්‍රස්ත සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය.

ඔවුන්ගෙන් බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැම්හු නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනවලට ලක් වෙති.
උපවාසයට රැඳෙවියෝ 100 දෙනෙක් එක් වී සිටිති. උපවාසය ආරම්භ කළ අවස්ථාවේ සිට බන්ධනාගාර නියාමකවරු එම පිරිසට බලෙන් කෑම කවති. රාමදාන් සමය උදා වුණු අවස්ථාවේදී පවා ඔවුන්ට බලෙන් ආහාර කැවූ බවට චෝදනා එල්ල වී ඇත.

තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙස රැඳෙවියෝ ඉල්ලා සිටිති.
ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරු හමුදා භටයෝය.

ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන්නැයි ඇමෙරිකා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන ජනපති බැරැක් ඔබාමාගේ රජයට නිරන්තරයෙන් බල කර සිටී. රැඳෙවියන් නිදහස් කිරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන එහෙයින් එය කළ නොහැකි බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇත.

 



අදහස් (0)

ග්වන්තනාමෝ රැඳවියන්ගේ උපවාසයට මාස හයයි

ශගන් සෞදි Friday, 09 August 2013 12:41 PM

බලෙන් කවන්නේ පතුරෝම්ද දන්නේ නැ එතකොට ඔය බන්ධනාගරවල සිරකරගෙන කරන දේවල් මානවහිමිකම් උල්ලංගනය කිරීම් ගණයට වැටෙන් නැද්ද මේ මානවහිමිකම් කියන්නේ ආසියාවට විතරක් තියන නීතියක්ද මම දැන් නැති හන්ද අහන්නේ මොකද අපේ රටේ දවස් දෙකක් උත්ගොසන හෝ උපවාස කරොත් බන්දගර රැදවියන් ඇමරිකාවෙන් හේතු අහනවා මේකට මස 6 නම් මගේ හිතේ මේක ආසියාතික නීතිය වෙන්න ඇති (අ)

:       0       0

කුමාර Saturday, 10 August 2013 10:23 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

තේෂාන් Saturday, 10 August 2013 03:29 PM

කෝ මානව හිමිකම් සැසිවාරයක් තියන්නේ නැත්තේ ඇයි මේවට?(නදී)

:       0       0

සම්පත් සුජිව Friday, 09 August 2013 04:24 PM

කොමසාරිස් පිල්ලේට මේවා පෙන්නේ නැද්ද.අපේ රටවල් වල දේවල් විතරද මෙයාලට පෙන්නේ .(අ)

:       0       0

මොහාන් Friday, 09 August 2013 04:53 PM

ෂා නියමයි හමුදාව බලෙන් කෑම කවනවා අපේ නම් වතුර ඉල්ලුවට් වෙඩි තියල මරණවා (අ)

:       0       0

පිටිගල Friday, 09 August 2013 04:58 PM

ඔක්කොටම වඩා හිනා යන වැඩේ තමයි ලෝකේ මහා විප්ලව වාදියා ගේ සමාජවාදී රටේ නේද මේ හිර කඳවුර තියෙනවා කියන්නේ? එකට කුලියත් ගන්නවලු .අනේ අපොය්.! (අ)

:       0       0

රත්න Saturday, 10 August 2013 02:13 AM

ඇමෙරිකාවේ මානව හිමිකම් හොයන්න කට්ටියක් යැව්වා නම් හරි..! (නි)

:       0       0

පැහැසර Saturday, 10 August 2013 06:28 AM

මාස 6ක් ??? අම්මෝ අපේ රටනේ ආදර්ශයට ගන්න ඕනෑ. තුන්වැනි පාර්ශවයක් නැද්ද? (නි)

:       0       0

ෂෙහාන් Saturday, 10 August 2013 07:04 AM

පිටිගලගේ කටේ මසුරන් දාන්න වටිනවා. මේක තමයි ඇත්ත... (නි)

:       0       0

අමල් Friday, 09 August 2013 10:45 AM

හදුනා ගත්තොත් ඔබාමා (ස)

:       0       0

ගමගේ Friday, 09 August 2013 10:53 AM

කෝ අර සංවිධානය? (නි)

:       0       0

ඩියෝ Friday, 09 August 2013 11:28 AM

බලෙන් ආහාර කවන ආමි එකක් ගැන ඇහුවමයි (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 10 August 2013 09:34 AM

ඇමෙරිකාව කරන දෙයක් නිසා මේක ඒ තරම් ලොකු වැරද්දක් නෙමෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 87 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 74 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 100 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 40 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 38 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 463 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site