නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් නියෝග කර තිබේ.
නේපාලය පමණක් නොව, මුළු ලොවම කැලැඹීමට සමත් වුණු එම අනතුර හේතුවෙන් අද (16) දිනය විශේෂ ශෝක දිනයක් ලෙස නම් කිරීමට ද අග්‍රාමාත්‍යවරුයා පියවර ගෙන තිබුණි.
කඩා වැටුණේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් යානයකි. යානය කත්මණ්ඩු සිට පොක්කාරා බලා පියාසර කරන්න විය. එය කඩා වැටුණේ පොක්කාරා නගරයේ අලුතින් ඉදිකළ ගුවන්තොටුපොළට කිලෝ මීටරයක් තිබියදීය. යානය කඩා වැටුණේ ගංගාවක් අසල වනගත ප්‍රදේශයකටය.
යානයේ සිටි හැත්තෑ දෙදෙනාගෙන් 15 දෙනකු විදේශිකයන් බවත්, එම 15 දෙනාගෙන් පස් දෙනකු ඉන්දියානුවන් බවත් නේපාල පුවත් සේවා වාර්තා කර තිබේ.
කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් ඇති ‘ඒ.ටී.ආර්.72’ ගුවන් යානයයි. මෙය වසර 15 ක් පැරැණි නේපාල අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය කඩා වැටී මියගිය පිරිස අතර පොඩි දරුවන් 6 දෙනෙක් වෙති.
ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අය වෙනුවෙන් සිය කනගාටුව පළ කර තිබේ. ගුවන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 3,000 යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සෝදිසි කළ නමුත්, ඔවුන්ට දිවි ගලවා ගත් කිසිවකු හමුවූයේ නැතැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ඉදිරි පැය 24 ත් 36 ත් ඇතුළත, ඉන්දියාවෙන් තම රටටගුවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි පාකිස්තානය රජය පවසයි. පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ ඔවුන්ට ලැබුණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ