IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගාසා දෙවැනි විරාමය කැඩේ

ගාසා තීරයේ සටන් වලට මද විරාමයක් දෙමින් පැනවුනු දෙවන සටන් විරාමය විනාඩි 6 ක් ගතවූ තැන අහෝසි වූවේය.

ඊශ්‍රායෙලය අද (05) සිට පැය 72ක සටන් විරාමයකට එකඟත්වය පළකර ඇත.

තවත් වාර්තාවක සඳහන් වනුයේ, ඊශ්‍රායලය  හමාස් සංවිධානයේ ප්‍රධාන මර්මස්ථාන හා උමං මාර්ග බොහොමයක් විනාශ කර දමන ලද නිසා තම හමුදා සටන් විරාමයෙන් අනතුරුව ආපසු කැදවීමට ඊශ්‍රායලය සූදානම් වන  බවයි.  දින 28ක් තිස්සේ ඇවිළීගිය සටන්වලින් මේ වනවිට පලස්තීනුවන් 1720 දෙනෙකු තම ජීවිතවලින් වන්දි ගෙවා ඇත. මොවුන්ගෙන් බහුතරය සාමාන්‍ය වැසියන් හා කුඩා දරුවන්  බව කියති. හමුදා සෙබළුන් 64 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් තිදෙනෙක් ඊශ්‍රායල් පාර්ශ්වයෙන් මරණයට පත්වූහ. එසේම පලස්තීනුවන්ගේ පාසල්, පල්ලි, විශාල ගොඩනැගිලි, නිවාස, ඇතුළු අති විශාල දේපොළ හානියක් ඔවුනට සිදුවී ඇති අතර දැනට විදුලි බලය ඊජිප්තුව හරහා ලබාගනිමින් පවතින අතර, අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්වර්ග  ඇතුළු බොහොමයක් දෑ ඊශ්‍රායලය  ගාසා තීරයවෙත සපයනු ලබයි.

සටන් විරාමය බිඳ දැමුයේ ඊශ්‍රායෙලය යැයි හමාස් සංවිධානය චෝදනා කරන අතර ඊශ්‍රායෙලය පවසන්නේ රොකට් ප්‍රහාර එල්ල කර සටන් විරාමය මුලින්ම උල්ලංඝණය කළේ හමාස් සංවිධානය බවයි.

ගාසා තීරයට නැවත වරක් ඊශ්‍රායෙල ප්‍රහාර වැසි වසිමින් පවතී.ඒ හා සමාන ලෙසම හමාස් සංවිධානයද ඊශ්‍රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී.

මසකට ආසන්න කාලයක් දිවෙන ගැටුම් වලින් මේ වන විට හමාස් සංවිධාන සාමාජිකයින් ඇතුලූව පලස්තීන වැසියන් 1800 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇත.

ඊශ්‍රායෙලයටද එහි පුරවැසියන් 60 දෙනෙකුගේ ජීවිත අහිමිව තිබේ.

පසුගිය සිකුරාදා පළමු සටන් විරාමය ප්‍රකාශයට පත්කෙරුණු අතර එය බිද හෙලුයේ හමාස් සංවිධානයයි.

සටන් විරාමය අතරතුරදී ගාසා තීරයේ රාෆා යන ප්‍රදේශයට ඇතුල්වී සිටි ඊශ්‍රායෙල හමුදා භටයෙකුගේ අතුරුදන්වීමක් වාර්තා වුනු අතර ඊට සම්බන්ධ යැයි ඊශ්‍රායෙලය හමාස් සංවිධානයට චෝදනා නැගීය.

හමාස් සංවිධානය මුලින් චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

හමුදා භටයා සොයාගත නුහුණු තැන ඊශ්‍රායෙලය සටන් විරාමයට විරාමයක් තබමින් නැවත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වීමේදී අතුරුදන්වූ ඊශ්‍රායෙල හමුදා භටයා තම සංවිධානයේ සාමාජිකයින්ට හමුවන්නට ඇතැයි හමාස් සංවිධානය ‘දෙපැත්තට වැනෙන‘ තාලයේ ප්‍රකාශයක් නිකුත් කළේය.

මේ සමගම එතෙක් කල් හමාස් සංවිධානයේ ප්‍රකාශයන්ට අනුබල දෙමින් ඊශ්‍රායෙලය ගාසා තීරයේ මිනී මරමින් සිටින්නේයැයි චෝදනා නගමින් සිටි ඇමරිකාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද තම තමන්ගේ ස්ථාවරයන් වෙනස් කර ගත් බවක් පෙනේනනට තිබුණේ ඔවුන් හමාස් සංවිධානයේ කි්‍රයා කලාපය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීම නිසාවෙනි.

ඊශ්‍රායෙල අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු ඇමරිකා ධවල මන්දිරය හා දුරකථන ඔස්සේ පෞද්ගලිකවම සම්බන්ධ වෙමින් මිීට පසුවවත් ඊශ්‍රායෙලය පවසන දේ ගැන අවධානය යොමු කරන්නැයි දැඩි සේ අවධාරණය කර ඇතැයිද සදහන්ය.

ගාසා තීරයට ඊශ්‍රායෙලය එල්ල කරන ප්‍රහාරයන් හා එහි යොදවා ඇති ඊශ්‍රායෙල පාබල සේනාංක වල අරමුණ වන්නේ හමාස් සංවිධානය ඉදිකර ඇතැයි පැවසෙන උමං ජාලය ඊශ්‍රායෙලයට රොකට් එල්ල කරන රොකට් අවි විනාශ කර දැමිීමය.

ආරංචි මාර්ග වලට අනුව මේ වන විට උමං ජාලයේ සැළැකිය යුතු ප්‍රමාණයක් විනාශ කර දැමිීමට ඊශ්‍රායෙලය සමත්ව තිබේ.

රොකට් අවි විනාශ කිරීමට බොහෝ විට ඊශ්‍රායෙලය භාවිතා කරන්නේ ගුවන් හා රොකට් ප්‍රහාරයන් වේ.රොකට් අවි විනාශ වීම කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් නිසා මරුමුවට පත්වෙමින් සිටින්නේ සිවිල් වැසියන්ය.

තම නිදහසට කරුණු ලෙස ඊශ්‍රායෙලය පවසා සිටින්නේ හමාස් සංවිධානය වුවමනාවෙන්ම ඔවුන්ගේ රොකට් විදිනයන් සිවිල් වැසියන් අතරේ ස්ථාන ගත කර ඇති බවයි.

කරුණු කෙසේ වුවත් සිවිල් වැසියන්ගේ මරණයන් සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලට හැකියාවක් නැතැයි මැදහත් රටවල මතයයි.

සටන් නැවැත්වීමට තමන් ඕනෑම වේලාවක සූදානම් බව කියනා ඊශ්‍රායෙලය ඒ සදහා හමාස් සංවිධානයට කරන්නට ඇත්තේ ගාසා තීරයේ උමං ජාලය හා ස්ථාන ගත කර ඇති රොකට් අවි විනාශ කර දැමිීම බව පවසයි.

මිීට විරෝධය පළ කර සිටින හමාස් සංවිධානය සටන් වලට ඇති එකම විසදුම ගාසා තීරය වටා ඊශ්‍රායෙලය හා ඊජිප්තුව පිහිටුවා ඇති ආරක්ෂක වළල්ල ඉවත් කර ගැනීම බව කියයි.

මෙසේ දෙපාර්ශවයම එකිනෙකා පරයා කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා කෙසේ හෝ අවසානයක් දකින තුරුම සටන් කිරීමට සිදුවනු ඇත්දැයි විචාරකයෝ බිය පළ කරති.

gasa2 gasa3 gasa4 gasa5

 



අදහස් (0)

ගාසා දෙවැනි විරාමය කැඩේ

මාධව ධනංජය Wednesday, 06 August 2014 05:48 AM

ඊශ්‍රායලය කරන්නේ නියම වැඩක් ඔයවගේ ත්‍රස්තවාදීන් මුළු ලොවින්ම තුරන් කරන්න ඕනේ ඊශ්‍රායලය ඔබට නියත ජය!!!! (අ)

:       0       0

ජීවා Tuesday, 05 August 2014 10:07 AM

කෝ අර පිල්ලේ නෝනා නැද්ද??? (දී)

:       0       0

දිලුක Tuesday, 05 August 2014 04:27 PM

කොටිත් ලංකාවේ සාම සාකච්චා වෙලාවේ නීති කැඩුවා (දී)

:       0       0

අනිල් Tuesday, 05 August 2014 04:56 PM

සටන් විරාම වලින් තවත් ශක්තිමත් වෙනවා. ජයග්‍රහණය දක්වා සටන් කරන්න. (දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 06:26 AM

දැන් නවී නෝනා මොකද කියන්නේ කියල බලමුකෝ ? (දී)

:       0       0

ෆාතිමා Tuesday, 05 August 2014 06:12 PM

ත්‍රස්තවාදීන්ට සාම කතා නැහැනේ (දී)

:       0       0

මංජුල Tuesday, 05 August 2014 11:02 AM

පවු අහිංසක ජීවිත! (නි)

:       0       0

ජෝයි Tuesday, 05 August 2014 08:14 PM

කොටි කළා වගේම හමාස්කාරයොත් සිවිල් ජනයා මිනිස් පලිහක් ලෙස යොදා ගන්නවා. (නි)

:       0       0

සේන Tuesday, 05 August 2014 08:16 PM

ඊශ්‍රායලය ජාත්‍යයන්තර සම්බන්ඳතා පැවැත්වීමේදී දක්ෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා (නි)

:       0       0

ශීලා Tuesday, 05 August 2014 08:18 PM

ඔය කියන සිවිල් ජනයා අහිංසක නම් හමාස් අය ප්‍රහාර එල්ල කරන එක පළමුව නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

පද්ම Tuesday, 05 August 2014 08:20 PM

පහර පිට පහර එල්ල වෙද්දී එහෙට මෙහෙට වැනෙන ප්‍රකාශයක් හමාස් එකෙන් කළාලු. අනේ මන්දා? කොහොම පහරදෙන්න ඇද්ද? (නි)

:       0       0

රජින්ද Tuesday, 05 August 2014 11:34 AM

පලස්තීනය ඉල්ලන් කනවා කියන්නේ ඕකටයි! (නි)

:       0       0

සම්පත් Tuesday, 05 August 2014 09:15 PM

මෙතන ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ සාමාන්‍ය දැනුම නම් අන්තිමයි. ඊශ්‍රායලය වසර 50ක් තිස්සේ පලස්තීනය ටිකෙන් ටික අල්ලාගෙන දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඉතාමත් පොඩි කොටසක් පමණයි. (නි)

:       0       0

සේරම් Tuesday, 05 August 2014 07:47 AM

ඊශ්‍රායලය ලෝකයේ බුද්ධිමත්ම සහ සාමයට ලැදීම රටක්. නමුත් අනුන්ටත් හොඳට උත්තර දෙනවා. ඊශ්‍රායලය ඔබට ජය ! (නි)

:       0       0

සලීත් Wednesday, 06 August 2014 03:03 AM

සම්පත් ඔබ හරි .සේරම්ට නම් මොලයක් තියන වද දන්නේ නැ. ඊශ්‍රායල කියන්නේ ලෝකෙයේම දරුණුම රට මිනී මරුවෝ ඉන්නේ. නැත්නං අර අහිසක පොඩි ළමයින්ව මරයිද. (අ)

:       0       0

සෆ්රන් Wednesday, 06 August 2014 04:30 AM

සම්පත් ඔබ කියපු දේ 100% ඇත්ත. (ස)

:       0       0

අමිළ Tuesday, 05 August 2014 02:26 PM

මේ සියල්ල අාරම්භ උනේ පල්ස්තිනු සටන් කාමීන් විසින් ඊශ්‍රායල ජාතික ළමුන් 3 කු පැහැරගෙන ගොස් මරාදැමීමෙන් පසුවයි. මෙහිදී ඊශ්‍රායල විසින් දුන් පණිවිඩය වනුයේ නැවතත් එවැනි වැඩ කලොත් දරුණු විපාක අත් විදීමට සිදුවන බවයි. පලස්තීනුවන්ට තවමත් එය නොතේරේ නම් ලෝකයට කල හැකි කිසිවක් නැත (නදී)

:       0       0

සුනන්ද Wednesday, 06 August 2014 05:36 AM

.අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්වර්ග ඇතුළු බොහොමයක් දෑ ඊශ්‍රායලය ගාසා තීරයවෙත සපයනු ලබයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 291 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 234 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 646 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 89 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 92 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 521 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site