රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී කාන්තාවන් හා සංවාදයේ යෙදීම තමන්ට තරම් නොවන බව සදහන් කළ දැඩිමතධාරී ඉස්ලාමික වියතෙකුට එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදිනියගෙන් කනපුරා අසාගැනීමට සිදුවිය.
ලෙබනනයේ අල් ජරීඞ් රූපවාහිනිී සේවාව ඔස්සේ විකාශනය කෙරුණු මෙම වැඩසටහනේදී එය මෙහෙයවූ රීමා කරාකි නම් මාධ්‍යවේදිනිය අයිඑස් සංවිධානයට වෙනත් ආගම් අදහන පුද්ගලයින්ද එක්වීමේ ප‍්‍රවණාවක් ඇතිවෙමින් තිබීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් කරුණු විමසුවාය.
ලන්ඩනයේ පදිංචිව සිටින ඉස්ලාමික වියතෙකුගෙන් මේ පිළිබඳ ඇය තොරතුරු විමසමින් සිටියදී ඔහු ඇයගේ ප‍්‍රශ්න වලට පිළිතුරු නොදී වෙනත් පෙදෙසකට කතාව රැගෙන යෑමට තැත් කළ අතර ඇය ඊට ඉඩ නොදුන්නාය.
මෙහිදී දැඩි සේ කෝපයට පත්වූ ඔහු තමන් තමන්ට කැමති දේ පවසන බවත් එය අසා සිටින ලෙසත් ඇයට තර්ජනය බැණවැදුනේය.
නැවතත් ඇය ඉතාම විනීතව හා මනා සංයමයෙන් යුතුව වැඩටසහනට ඇත්තේ සීමිත ගුවන්කාලයක් බවත් එ නිසා මාතෘකාවට අදාළ අදහස් දැක්වීම වැදගත් බවත් ඔහුට පෙන්වා දුන්නාය.නමුත් ඇයට ඇහුම්කන් දුන්නේ ඔහු නොවේ.
මා වැනි කෙනෙකුට උපදෙස් දෙන්න කාන්තාවක් වන ඔබ කවුද? ඔහු විමසුවේය.
එය අසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවක් පෙනුනු රීමා කරාකි වැඩටහන මෙහෙයවන්නේ තමන් බවත් එනිසා තමන් අසන ප‍්‍රශ්න වලට පිළිතුරු දිය යුතු බවත් පැවසුවාය.
කාන්තාවන් පහත් කොට සළකන පුද්ගලයෙකු හා සංවාදයේ යෙදීමට තමන්ද මෙම වැඩසහටන නරඹන ප්‍රෙක්ෂකයින්ද අකැමැති බව ඔහුගේ මුහුණටම පවසා සිටි ඇය සබදතාවය විසන්ධි කළාය.
මේ සියල්ල සජීවීව විකාශනය කෙරුණි.
රීමා කරාකි අගයමින් ලොව සියලූදෙසින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන අතර කාන්තාවන් වෙනුවෙන් හඩ නැගීම නිසා ඇයට විශාල ප‍්‍රසාදයක් මේ වන විට හිමිව තිබේ.
කාන්තා හිංසනය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට දැන් කාන්තාවන් පෙරට වඩා ඉදිරියට පැමිණ කි‍්‍රයාකරමින් සිටින බව මෙය උදාහරණයක් ලෙස ගෙන පෙන්වන විචාරකයින් කියයි.
නමුත් දැඩිමතධාරී ආගමික නායකයින් හා වෙනත් කණ්ඩායම් තවමත් තමන්ගේ පිළිවෙත් වෙනස් කරගෙන ඇති සෙයක් පෙනෙන්නට නොමැත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැහැණියකට බැන බඩ පුරා කයි
රජින්ද Wednesday, 11 March 2015 01:24 PM
ඔය දැඩිමතධාරියා තනිකරම උමතුවෙක් වෙලා අදහස් දක්වන්නේ. මිනිහා බයයි මිනිහට උගන්වලා තියෙන දේට පිටින් හිතන්න. මේක බලනකොට මට හිතුනෙනම්, ඔය මනුස්සයා නුගත් සමාජ ආශ්‍රයක් නැති අයෙක් කියලයි. (අ)
ගමගේ Thursday, 12 March 2015 08:25 AM
ඕපපාතිකව උපන් කෙනෙක් වෙන්නැති.(බ)
සොපී Tuesday, 10 March 2015 12:18 PM
කාන්තාවන්ට නින්දා කරන්නේ මෙයා අම්මා කෙනෙකුගෙන් නොවේද බිහිවුණේ? අහසින් පාත්වුණ කෙනෙක්ද? (නි)
ප්‍රියමාල් ජයතිලක Saturday, 14 March 2015 05:21 PM
සමහර ආගම් වල අන්තවාදීන් කාන්තාව පහත් යැයි සම්මතයක් ගොඩනගල තියෙනව. ඒ වගේම කාන්තාව පිරිමියා කියන දේට වැඩියෙන් දෙයක් නොකිවයුතුයි කියල හිතනවා. (නදී)
සමන් Tuesday, 10 March 2015 05:20 PM
කොහොමත් මේ වගේ මතධාරී මිනිස්සු කවදාහරි ගුටිකන්නේ ගැහැණුන්ගෙන් තමයි! (නි)
නාලනී Tuesday, 10 March 2015 07:13 PM
මාධ්‍යවේදිනියක් ලෙස මෙම කාන්තාව දෙපැත්තේම අදහස් වලට ඉඩදිය යුතුව තිබුනා නේද? (නි)
සමිර Tuesday, 31 March 2015 06:39 AM
සමහර මාධ්‍ය ආයතන ජනප්‍රිය වෙන්නත් මේ වගේ දෙවල් නිර්මාණය කරනවා. (ස)
ක්‍රිෂාන්ත Saturday, 14 March 2015 10:15 PM
හොඳ වැඩේ (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 11 March 2015 02:51 AM
ලංකාවේ එක සිංහල රුපවාහිනී චැනලයක ඔය වගේ දක්ෂ මාධ්‍යවේදිනියක් මෙහෙයවන වැඩසටහනක් තිබුනා.එහිදීත් සමහර දේශපාලකයින් අහන ප්‍රශ්නවලට හරි පිළිතුරක් නොදී, එම මාධ්‍යවේදිනියට තර්ජනාත්මකව කතා කළ අවස්ථාත් තිබුනා. හැබැයි මේ දවස්වල එම වැඩසටහන තිබුනට, අර මාධ්‍යවේදිනිය නම් දකින්න නැහැ. (නි)
නුවන් Sunday, 15 March 2015 05:35 AM
අනේ කෝ මේ අර ඊශ්‍රායල් රටට පහුගිය ටිකේ බැනපු අය?(නදී)
පිටබැද්දර ජයා Sunday, 15 March 2015 07:52 AM
කොහොමත් මුස්ලිම් ආගමට අනුව ගැහැණියට පිරිමින් සමග එකට එක කතා කිරීම සපුරා තහනම් වේ ? (ම)
කාන්ති Thursday, 12 March 2015 03:29 PM
හොඳ වැඩේ! (නි)
අශෝක රළපනාව Tuesday, 10 March 2015 06:34 AM
හොද වැඩේ වෙලා තියෙන්නේ. මෙයාලා හැමදාම කරන්න හදන්නේ එයාලට ඕන දේම විතරයි. (ර)
රොහාන් Wednesday, 11 March 2015 08:40 AM
නාලනී, ගැහැනියගේ විමුකිය වෙනුවෙන් හඩ නැගු මේ කාන්තාව අගය නොකර විවචනය කරන්නේ ඇයි.? (ර)
හංසිකා Sunday, 15 March 2015 02:16 PM
ඉස්සර සොපියෝ ටිකයි ගොවියෝ ටිකයි වෙන නම් වලින් ෂොපින් යනවා (නදී)
දර්ශා Wednesday, 11 March 2015 12:54 PM
අවිශ්වාස කරන්නවුන්ගේ කාන්තාවන් දුෂණය කරන්නද ? කියන්නේ ?(අ)