IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්‍, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24දා) රුසියාවේ කසාන්හිදී පැවැති BRICS ප්ලස් නායකයන්ගේ සංවාදය අමතමිනි. 

මානව සංහතිය වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය දකුණේ බලවත් බලවේග පෙළගැස්විය යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය. 

ගෝලීය දකුණේ සාමූහික නැගීම ලොව පුරා සිදු වූ මහා පරිවර්තනයේ සුවිශේෂී ලක්‍ෂණයක් බවත්, ගෝලීය දකුණු රටවල් නවීකරණය කරා එකට ගමන් කිරීම ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් බවත්‍, එය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවත් ඔහු කීය. 

නවීකරණය කරා යන ගමනේදී ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන දැඩි අභියෝග පිළිබඳ අවධාරණය කළ චීන ජනාධිපතිවරයා පොදු ආරක්ෂාව සඳහා සාමය තහවුරු කිරීමට, පොදු සමෘද්ධිය සඳහා සංවර්ධනය යළි ප්‍රබෝධමත් කිරීමට සහ විවිධ ශිෂ්ටාචාරවල සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ උත්සාහයක අවශ්‍යතාවද මතු කළේය. 

මෙවර බ්‍රික්ස් සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ කසාන්හිදී පැවැත්වෙයි.



අදහස් (0)

ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ගියොත් සටන් විරාමයකට කැමතියි
2024 ඔක්තෝබර් මස 25 75 0

ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත් වුවහොත් පමණක්, සටන් විරාමයකට එකඟ වන බව ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය කියයි.


ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි
2024 ඔක්තෝබර් මස 25 610 0

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්‍, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.


මාස 9 කට පසු ඉම්රාන් බිරිඳට නිදහස
2024 ඔක්තෝබර් මස 25 79 0

ඉම්රාන් ඛාන් සේම, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඬුවම් විඳින ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී මාස 9 ක සිරදඩුවමකින් පසු ඊයේ (25) නිදහස ලැබිය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් මධ්‍යවේදීන් 3 ක් මරුට
2024 ඔක්තෝබර් මස 25 33 0

දකුණු දිග ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලබනනයේ අරාබි මාධ්‍ය නාළිකාවලට සම්බන්ධ මාධ්‍යවේදීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.


සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 4924 2

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


මහ වැසි සහ තද සුළං: ‘ඩානා’ ඉන්දියාවට
2024 ඔක්තෝබර් මස 25 76 0

මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 110 ක වේගයකින්, ‘ඩානා’ සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ 2


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 569 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site