IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


චෙන්නායි දුම්රියේ ගින්නක්:

නවදිල්ලි අගනුවර සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ‍්‍රගාමී මගී දුම්රියක ඊයේ (30) උදෑසන හදිසියේ ගින්නක් හටගත් අතර මඟීහු තිස් දෙදෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ 26 දෙනකු රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ දුම්රිය අන්ද්‍රා ප‍්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබියදී නෙලෝර් නගරයට නුදුරු ස්ථානයකදීය. එක් මැදිරියක හටගත් ගින්න සීඝ‍්‍රයෙන් යාබද මැදිරියට පැතිර ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ගින්නට හසුවී ඇත්තේ එම මැදිරි දෙක පමණි. ගින්න හට ගැනීමත් සමඟ දුම්රියේ සිටි මගීන් මහත් සේ බියටත් කලබලයටත් පත් වූ අතර ඇතැමුන් පණ බේරා ගැනීමේ අදහසින් ධාවන වන දුම්රියෙන් එළියට පැන ඇතැයි ද වාර්තා වේ. පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් ආඝ‍්‍රාණය වූ මඟීන් ළඟම පිහිටි හයිද්‍රාබාද් සහ අනන්තපූර් රෝහල් කරා ගෙන යෑමට පියවර ගත් බව වාර්තා වේ. ගින්න හටගත් මැදිරි මුළුමනින්ම අළුවී ගොස් ඇති අතර ඒවා තුළ සිරවුණු පිළිස්සුණු සිරුරු එළියට ගැනීමට සහන සේවකයන්ට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප‍්‍රකාශිකා චන්ද්‍රලේඛා මුඛර්ජි මාධ්‍ය හමුවේ කියා සිටියේ මළ සිරුරු එළියට ගැනීමට සහන සේවකයන් ඉමහත් පරිශ‍්‍රමයක් දැරූ බවය. ගින්න හටගත්තේ කෙසේදැයි සෙවීමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ බව ද ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශ පවසයි. දුම්රිය බලධාරීන් අනුමාන කරන්නේ කිසියම් අයකු ගිනි ගන්නා සුලූ දෙයක් දුම්රියෙන් ගෙන යෑමට උත්සහ කරන්නට ඇති බවය. ඉන්දියාවේ දුම්රිය අනතුරු සුලභය. ඊට හේතු වී ඇත්තේ දුම්රිය කටයුතුවල ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයක පැවැතීමය. දුම්රිය නඩත්තු කටයුතු ද ඉතා අක‍්‍රමවත් ලෙස සිදුවේ.



අදහස් (0)

චෙන්නායි දුම්රියේ ගින්නක්:

මධුෂාන් Tuesday, 31 July 2012 08:31 PM

මිය ගිය සියළු දෙනා ගැනම බළවත් කණගාටුව පළ කරමු.. තුවාල ලැබූවන් සුවපත්වේවා..!! (නු)

:       0       0

සහන් දසනායක Tuesday, 31 July 2012 08:30 PM

මෙහෙම පණ පිටිං පිච්චෙන්න මේ මිනිස්සු ගිය ආත්මවල පව් කරලා ඇති...!!(නු)

:       0       0

සනත් ඉන්දික Tuesday, 31 July 2012 09:57 PM

මරණෙන් පසු පින් පව් ගැන කතාකරල වෙඩක් නැහැ ...අනච්චාවත සංකාර කියනවා මිසක් ..සැම දෙනාටම නිවන් සුව !!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 61 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 58 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 71 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5630 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site