(ඒ.එෆ්.පී.* ගිණිකොනදිග චීනයේ ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් මතට ඊයේ (4) උදෑසන හදිසියේම පස් කන්දක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනකු සහ ගුරුවරු තිදෙනෙක් පණ පිටින් වැළැලූණහ. චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ අන්දමට එම පාසල ඉදිකර තිබුණේ යුවාන් ප‍්‍රාන්තයේ ෂෙංහේ ගම්මානයේ පස් කන්දක් පාමුලය. පස් කන්ද හිටිහැටියේ කඩා පාත් වූ හෙයින් එහි සිටි දරුවන්ට හෝ ගුරුවරුන්ට හෝ පාසලෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. අනතුර වාර්තා වූ සැණින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ පස් තට්ටු ඉවත් කරමින් දරුවන් බේරා ගැනීමට උත්සහ ගෙන ඇත. කම්පනයට පත් දරුවන්ගේ මා පියන් හඬා වැළෙපෙමින් පස් අතර සිරවූ තම දරුවන් සෙවූ බව ද ෂිංහුවා පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී. ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා යුවාන් ප‍්‍රාන්තය රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් දෙදරා ගියේය. කඩා වැටීමට ලක් වූ එම පස් කන්ද ද භූමි කම්පාවලින් දෙදරා ගොස් තිබුණි යැයි බලධාරීහු පවසති. කෙසේ නමුත් පස් කන්ද කඩා වැටේවි යැයි ෂෙංහේ ගම්වාසීන් හෝ යුවාන් ප‍්‍රාන්ත බලධාරීන් හෝ කල්තියා දැන නොසිටි බව ද වාර්තා වේ. ඉකුත් සැප්තැම්බර් මස සිදුවූ එම භූමි කම්පාවෙන් 81 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 820 දෙනෙක් තුවාල ලැබූහ. ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වූ බව වාර්තා විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීනයේ ප‍්‍රාථමික පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුහු 18 ක් පණ පිටින් වැළලෙති
තුවාන් ෂෙරිෆ් Saturday, 06 October 2012 11:20 PM
අවාසනාවන්ත සිදුවීමක් අපගේ බලවත් කණගාටුව..!(නු)