IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති සාකච්ඡා

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි.  රුසියන්-යුක්රේන අර්බුදය, උතුරු කොරියාවෙන් ලෝකයට එල්ල වන තර්ජන සහ ඊශ්‍රායල-හමාස් ගැටුම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

ප්‍රංශ ජනාධිපති සහ චීන ජනාධිපති අතරේ මෙසේ දුරකතන සාකච්ඡාවක් පැවැත්වූයේ, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ හමුවී ආපසු පැමිණීමෙන් පසුවය.

රුසියන්-යුක්රේන අර්බුදය කඩිනමින් සමථයකට පත් කිරීමට චීනය මැදිහත් විය යුතු බව ප්‍රංශ ජනාධිපති මැක්රොන්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ පෙන්වා දුන්නේය. රුසියන්-යුක්රේන අර්බුදයට චීනය සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව, චීනයේ අසල්වැසියා වන උතුරු කොරියාවට චීනය සහාය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන් කනස්සල්ල පළ කළේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනපතිවරු දෙදෙනා ඒකමතිකව පිළිගත්හ. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වීරාජ්‍ය විසඳුමක් යැයි ජනාධිපතිවරුන් දෙදෙනා ඒකමතිකව තීරණය කළ බව ද වාර්තා වේ.



අදහස් (0)

චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 381 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 712 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 107 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site