මේ දිනවල චීනයේ බොහෝ ප්‍රදේශයන් වසාගෙන සිටින ඝන මීදුම් පටලය සතුරු රටකින් එල්ල වන අවි ප්රහාරයන් මැඩ පැවැත්වීමේ සමත් හොද ආවරණයකැයි චීනයේ නාවික හමුදාපති රෙයර් අද්මිරාල් සැන්ග් ෂා ඕස්හොන්ග් පවසයි.
චීනයට බලපා ඇති මේ මීදුම් තත්ත්වය මීදුම හා දුම් එකතු වී සෑදී ඇත්තක් බව සදහන්ය.එය සාමාන්‍ය මීදුමට වඩා ඉතා ඝන වන අතර ඉවත්ව යෑමක්ද පෙන්නුම් නොකරන බව චීන විද්‍යාඥයෝ කියති.මෙනිසා එය බලපා ඇති ප්‍රදේශයන් වලට හිරු එළිය පවා නොවැටේ.
මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස සැළකෙනුයේ වායු දුෂණයයි.ඉවක් බවක් නැතිව කර්මාන්තශාලා ඉදිකිරීම හා ඒවායේ කි‍්‍රයාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිකුත් වන දුම් නිසි පරිදි බැහැර කිරීමේ කි‍්‍රයාපටිපාටියක් නොමැති වීම මෙයට හේතුවී ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දේ.
බීජිං නගරය මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති ප්රදේශයයි.පිළියමක් ලෙස නගරයේ කි‍්‍රයාත්මක කර්මාන්තශාලා 147 හි කි‍්‍රයාකාරීත්වය සීමා කිරීමට බළධාරීන් කටයුතු කර ඇතත් එයින් ඵලක් වී නොමැත.
නමුත් චීන නාවික හමුදාපති මෙය යහපත් තත්ත්වයක් ලෙස දකී.ඝන මීදුම් පටලය නිසා ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක හදුනාගැනීමට නොහැකි වනු ඇතැයිද විශේෂයෙන් ඇමරිකාව ලේසර් කිරණ නිකුත් කරනා අවි භාවිතය අරඹා ඇති අවස්ථාවේ මෙය හොද ආරක්ෂක උපක්‍රමයක් යැයිද ඔහු කියයි.
ඔහුගේ ප්‍රකාශයට චීන ජනතාව නම් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත.හිරු එළිය නොවැටෙන,හුස්ම ගැනීම අපහසු කරවන ‘‘ආරක්ෂක උපක්‍රමයකින්‘‘ ඇති ඵලය කුමක්දැයි ඔවුහු විමසති.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන මීදුම සුරැකුම් පලිහක්