ප්‍රංශ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමේ ප්‍රධාන පක්ෂයවු යුඑම්පි පක්ෂය හෙවත් දක්ෂිණාංශික පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පසුගියදා පත්වුයේය. ඔහු සමග සමාජිකයෝ දෙදෙනෙක්ද එම තනතුරට තරග වැදුණෝය. පක්ෂ සමාජික ඡන්දයෙන් සියයට 64ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් හිටපු ජනාධිපති පළමු වටයෙන්ම සුදුසුකම් ලැබුවේය.
2012 දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඍජු දේශපාලනයට නැවත වරක් ඔහු පැමිණියේ පසුගිය පක්ෂ මැතිවරණයත් සමගය. සභාපති වීමෙන් දින තුනකට පසු යුරෝ ලක්ෂ 4කට ආසන්න (රුපියල් ලක්ෂ 652ක්) ඔහුගේ මුදල් චෙක් පතක් පක්ෂයට ලබා දුන්නේය.
ඔහු ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඒ වනවිට පක්ෂ ලේකම් තනතුර දැරූ ජෝන් ප්රංශුවා කොපේ මාස 4ක පරිවාස කාලයක් පක්ෂයේ ප්‍රධානියා වුයේය. ඉන්පසු සභාපති තනතුර සදහා ඔහු හා එම පක්ෂ සමාජික හිටපු අගමැති ප්‍රන්ශුවා පියොන් අතර තරගයේ තියුනු සටනකින් කොපේ ජය ලැබුවද එම ජයග්රහානය පක්ෂය තුළ ප්‍රශ්න ගනනාවක් ඇති කළ බීජය වුයේය. හොර ඡන්ද භාවිතයක් සිදුවී ඇති බව සැලවීම එම බීජයට ප්‍රධාන කරුණ වුයේය. එබැවින් එම මැතිවරණ ජය ඉහළ උසාවිය දක්වා ගමන් කරමින් පක්ෂය තුළ විශාල පිපිරීමක් ඇති කළේය.
මේ අතරතුර ඊට සමාන්තරව ජනාධිපති වරප්‍රසාද රැකවරණයේ සිටි හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාට එරෙහිව විවිධ චෝදනා ඇතුළත් ගොනුවක් ඉහළ උසාවි වල විභාග වෙමින් පැවැතුනේය. ඒ අතරින් ප්‍රංශ ජාතික කෝටිපතිනියක් වන ලෙරොයාල් සමාගම හිමිකාරියවූ ලිලියන් බෙතන්කූර් මහත්මියගෙන් මුදල් ලබා ගැනීම, එවකට ලිබියානු නායක ගඩාපි හා සාර්කෝසි අයථා මුදල් ගනුදෙනුව, කෝටිපති ව්‍යාපාරික එකල අඩිඩාස් සමාගමේ හිමිකරු බර්නාඞ් තපී මහතාට රාජ්‍ය බැංකුවකින් අයථා ලෙස මුදල් ගෙවීම, පකිස්ථානය සමග කල අවි ගනුදෙනු වල විනිවිද භාවය නොමැතිවීම ,ඉහළ උසාවියේ විනිසුරුවන්ට අයුතු බලපෑම් සිදු කිරීම ආදි ප්‍රධාන වේ. එනමුදු මේ වනතුරු ඉහත කිසිදු චෝදනාවකට ඔහු වැරදිකරුවෙකු නොවේ.
එහෙත් සමහරක් වෝදනා සඳහා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට සිදුවී ඇති හෙයින් ඉහළ විනිසුරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටද ලක් වූයේය. ඉහත කරුණු එලෙස සිදුවෙමින් පවතින අතරතුර 2012 ජනාධිපතිවරණයේදි සාර්කෝසි මහතා ප්‍රංශ ව්‍යවස්ථාගත නීතියට පටහැනිව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කර ඇති බව එම කාර්ය හිමි කොමිසමෙන් ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව යුරෝ ලක්ෂ 4කට ආසන්න මුදලක් අනුමත සීමාව ඉක්මවා ඇති හෙයින් එයට ඔහු වැරදිකරුවී එම මුදල රජයට ගෙවීමට සිදුවූයේය. ඔහු නියෝජනය කළ පක්ෂයට එම වගකීම පැවැරුණු හෙයින් එම මුදල ගෙවා දැමීමට පක්ෂයට සිදුවු අතර කෝප්ප, ටී ෂර්ට් ප්‍රතිමා ආදිය විකුණමින් හා ආධාර වලින් දඩ මුදල ගෙවා අවසන් කිරීමෙන් පක්ෂය බංකොලොත් වුයේය. මේ හේතුවෙන් හිටපු ජනාධිපති ලෙස සාර්කෝසි සම්ප්‍රදායිකව නියෝජනය කළ ප්‍රංශ ව්‍යවස්ථාදායක මණ්ඩල සමාජිකත්වයෙන් අස්වීමට සිදුවුයේය. මේ අතර තුර ප්‍රංශ ජන මාධ්‍ය කළ හෙළිකිරීමකට අනුව ඔහුගේ ජනාධිපතිවරනයේදි පක්ෂයේ මුදල් අයථා හා වංචාකාරි ලෙස යොදා ගෙන ඇති බව ගිනුම් වාර්තා ගොනුවක් මාධ්‍ය මඟින් හෙළිවීමෙන් එවකට පක්ෂ නායක ජෝන් ප්රංශුවා කොපේ හා බිග් මැලියොන් ප්‍රකාශන සමාගම වැරදි කරුවන් වුයේය. එමනිසා කොපේටසභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවු අතර මෙවැනි පරිසරයක දැඩි වියවුල් තත්වයට පත්වූ පක්ෂය ගොඩ ගැනීමට නිකොලා සාර්කෝසිට සිදුවුයේය.
ප්‍රංශ මැතිවරණ නීතියට අනුව එක් එක් ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු වලට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයේ උපරිම සීමාවක් ඇත්තේය. සීමාව පසු කරන්නා වරදකරුවෙකි හා දඩ මුදලකට යටත් වෙයි. ඉහත සීමා නීර්ණයන්ට අනුව ජනාධිපතිවරණයේ පළමු හා දෙවැනි වටයේ අපේක්ෂක මැතිවරණ වියදම් උපරිම සීමාව යුරෝ ලක්ෂ 23කි. ඒ අතරට යුරෝ ලක්ෂ 228ක මුදලක් සියලූම ජනාධිපති අපේෂකයන්ට රජය විසින් සමව බෙදා දෙනු ලැබේ. මේ අනුව 2012 ජනාධිපතිවරණයේ පළමු වටයේ අපේක්ෂකයන්වූ සමාජවාදි අපේක්ෂක ඔලොන්ද් යුරෝ ලක්ෂ 21.6ක් (රුපියල් ලක්ෂ 3,466.44) ද, මරී ලෙපෙන් ලක්ෂ 9.1(රුපියල් ලක්ෂ 1,460.40), ප්‍රන්ශුවා බයරූ ලක්ෂ7 (රුපියල් ලක්ෂ 1,123.38), මෙලොන්චොන් ලක්ෂ 9.5 (රුපියල් ලක්ෂ 1,524.59) ක් ලෙස මැතිවරණ විගණන වාර්තා හෙළි කළේය.
හිටපු ජනාධිපති සාර්කෝසි මහතා ඉහත සීමාව අවසරයකින් තොරව වියදම් කර ඇති බව හෙළිවීමෙන් ඔහුට දඩ මුදලකට යටත්ව වැරදි කරුවෙකු වුයේය. මෙවර නැවත වරක් පක්ෂ සභාපතිවූ ඔහු මුලින්ම ගෙවා අවසන් කළේ ඉහත දඩ මුදලය.
එසේ වුවද ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයට කටවුට් වියදම් අයත් නොවන්නේය. එසේ නොවුනි නම් දඩ මුදල දස ගුණයක් වීමට ඉඩ තිබුනි. නමුත් එසේ නොවුයේය. ප්‍රංශයේ කිසිම මැතිවරණයක කටඅවුට් භාවිතයක් නොමැත.
ප්‍රංශ මැතිවරණ වල කටඅවුට් තහනම්ය. රජවරු, ලෝක ජන නායකයන්, රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන් නිතරම ගැවසෙන නගරයකි පැරීසිය. වසර පුරා එවැන්නෝ පැමිනෙන්නෝය. එසේ වුවද ඔවුන් කිසිවෙක් පිළිගැනීමට කටඅවුට් ප්‍රදර්ශන ප්‍රංශයේ ඇත්තේම නැත. එවැනි තහනමක් නොවූයේ නම් වසර පුරා පැරීසිය කටඅවුට් වලින් වැසිගිය නගරයක් වන්නේය. වාසනාවකට එසේ සිදුවී නොමැත. එබැවින් අදටත් පැරීසිය සුන්දර නගරයකි. කටඅවුට් ප්‍රදර්ශණය පරිසරය දුෂීත කරයි. පරිසරය අවලස්සන කරයි. දැස විඩාවට පත් කරයි. අනතුරු ඇති කරවයි. උපහාසයෙන් නරඹයි. මුමුනමින් නරඹයි.
පරිසරයේ සරල හා නිහඬ බව විනාශ කරයි.
ප්‍රංශ ජන සමාජය කටඅවුට් සංදර්ශන සදහා දක්වන්නේ ඉහත ආකල්පයන්ය. යුරෝපයේ බොහෝ රටවල් එසේය. ඔවුහු පරිසරය ලස්සනට තබා ගැනීමට බොහෝ වෙහෙසෙති. දකුණු ආසියාතික රටවල ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් උඩු යටිකුරු පරිසරයකි. සමහරක් රටවල දුර මණින මිණුම් දන්ඩ කටඅවුට් දන්ඩට සමපාත කර ඇත්තේය. ඒ අනුව අගනුවර සිට ගෙදරට ඇති දුර ප්‍රමාණය කටඅවුට් ගණනින් පැවැසීමට පුරුදුවී සිටිති. සමහරක් රටවල රට වැසියෝ ඡන්ද ප්‍රකාශ කරනුයේ කටඅවුට් නැරඹීමෙන්ය. සමහරෙක් කටඅවුට් නමදිති. එබැවින් එවැනි දේශ මැතිවරණ සමයට කටඅවුට් වලින් පිරී ඉතිරී ඇත්තේය. එවැනි රටවල් ලෝකයේ බොහෝ ඇත්තේය. එනමුදු ප්‍රංශය එයට අයත් නොවන්නේය.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ
සල්ගාදු ප්‍රංශය Wednesday, 24 December 2014 12:28 PM
මෙයාට උපදින්න තිබුනේ ලංකාවේ. එහෙනම් අදත් වීරයෙක් වගේ හොරකම් කරලා ඉන්න තිබ්බා. ඕවා ප්‍රංශයේ උනාට ලංකාවේ වෙන්නේ නැහැනේ. (නදී)
ලාල් Thursday, 25 December 2014 04:53 AM
මේව බලලවත් හැදෙන්න බලන්න.බල තන්හාවෙන් පිස්සු වැඩ නොකර. (ස)
සංජීව Wednesday, 24 December 2014 12:55 PM
ප්‍රංශයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)
පද්මිණී Friday, 26 December 2014 08:12 AM
පුරුවේ කල පිනකට ප්‍රංශයේ පොළොව ස්පර්ශ කරන්ට ලැබුණා. එහෙත් මගේ පැතුම මගේ සුන්දර ලංකාව නුදුටු දිනයක මේ වගේම රටක් වේවා කියලා. (නදී)
නුවන් Saturday, 27 December 2014 02:17 PM
මිනිසත් බව ලබල ඉපදෙන්නේනේ කම් සැප විඳලම මැරිලා යන්නම නෙමෙයි. පින් කරගන්න. (ර)
පුෂ්පසිරි අල්විස් Thursday, 25 December 2014 03:29 PM
මගේ නම් පැතුම මා මැරුනත් නැවත ලංකාව වගේ රටක ඉපදීමක් නොලබා , ප්රංසය හෝ සමාන රටක උපදින්නට කියා , මොකද නිදහසේ මානුෂික අයිතිවාසකම ලබමින් සතුටින් ජීවත්වන්නට (අ)
නුවන් Monday, 29 December 2014 07:01 PM
අල්විස් අය්යාගේ කටේ මසුරන් දාන්න වටිනවා. බොහෝ දෙනෙක් දන්නේ නෑ අපායෙන් බේරිලා සුගතියට යන දොර තියෙන්නේ අපේ මවු බිමේ කියලා. තාවකාලික සැප තියෙන අපායට ලිස්සලා, උත්සාහයක් නැතිවම යන්න පුළුවන් රටවල් සැපයි ලු. ආයෙත් ඔය වගේ රටක නෙමෙයි මුලින්ම අඩු ගන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න පින් කරන්න. මතකනේ උපමාව "නිය පිටට ගත් පස් ටිකක්" වගේ දුර්ලභයි. (ර)
සමන්ති Thursday, 25 December 2014 11:55 PM
බැංකු වලට පොලු තියලා ඒවා කපාහරින ක්‍රමවේදයක් එහෙම ප්‍රංශයේ නැද්ද? (නි)
අනිල් Friday, 26 December 2014 12:10 AM
නියමයි පුෂ්පේ... (නි)
චම්පා ගලගෙදර පැරිසිය Wednesday, 24 December 2014 06:36 PM
ලංකාවත් ප්‍රංශය වගේ නම් මොන තරම් වාසනාවන්ත රටක් වේවිද ? (නදී)
ලාල් Monday, 29 December 2014 02:23 AM
" අහෝ බඩක් නිසා රටක් නසින හැටි"..ඒ කියමන වර්තමානයෙ පවතින ක්‍රමයට හොදට ගැලපෙනවා නේද අල්විස්?(නදී)
අල්විස් Sunday, 28 December 2014 07:23 AM
ලංකාව ප්‍රංශය හා සමාන කරන්න උත්සහ ගැනීම මෝඩ ක්‍රියාවක්. ප්‍රංශය අද ඔහොම තිබුනට, එදා ලංකාවට හපන්. ජනතාව කැරලි ගසා සිය අයතිවාසිකම් දිනාගත්ත නිසා අද ඔවුන් ඒ තැන ඉන්නවා. ඔය රට පාවාදීල එහෙ දේශපාලන රැකවරණය අරන් ජීවත් වෙන පව් කාරයිනේ! මගේ මව් බිම මට සිය දහස්වාරයක් ඔය ප්‍රංශයට වඩා උතුම්. දන්නේ නැත්තම් ඉගෙනගන්න ප්‍රංශේ ජාතිවාදයෙන් උන්මාද වුනු ජාතියක්, ගැහැනුන්ට ඡන්ද බලය ලැබිල තවම අවු: 50යි , ගැහැනුන් 5න් 1ක් තවම පිරිමින්ගෙන් ගුටිකනව. කාමය සහ මත් ද්‍රව්‍ය රට බිලි අරගෙන ඉවරයි, විරැකියාව 10.5%යි, හිටිය හැම දේශපාලකයෙකුම වගේ කරපු මගඩි වලට උසාවි ලැග්ග. ලෝකේ ත්රස්තවාදයට කෙලින්ම හෝ අනියම්ව සම්බන්ධයි....තව ඕනෙද. මිලින්ද රජු කිව්වා වගේ " අහෝ බඩක් නිසා රටක් නසින හැටි" තමයි මටත් කියන්න තියෙන්නේ. (බ)
අල්විස් Sunday, 28 December 2014 07:28 AM
ඔය ජාතිමාමකයෝ රටින් ගිය නිසා තමයි රට ඔහොමවත් බේරුනේ (බ)
නිකලස් පැරිසිය Friday, 26 December 2014 04:25 PM
පුෂ්පසිරි මහත්මයා, ප්‍රංසයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සියලුම කරදර වලදී ඒ අයට උදවුවිමට පළමුවම පැමිණෙන අවංක හිතවතා ඔබතුමා බව අපි හොඳින්ම දනිමු. (අ)