2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
එම සුබ පැතුම් පණිවුඩය මෙසේ ය:
ආයුබෝවන්! කාලය වේගයෙන් ඉදිරියට ගෙවී යයි. නව වසරේ උදාව පිළි ගන්නා මෙම මොහොතේ මම බෙයිජිං නගරයේ සිට ඔබ සැමට සුන්දර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.
2024 වසරේ අප ඍතුවෙන් ඍතුවට ගමන් කරමින් අසීරුතා හා අභියෝගවලට එක්ව මුහුණ දී තිබේ. මෙම අසාමාන්‍ය වසර කැපී පෙනෙන්නේ එවන් අමතක නොවන හැඟුම්බර මොහොතවල්වලිනි.
අපි දෙස් විදෙස් විපර්යාසවලින් එල්ලවූ බලපෑම්වලට සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති මාලාවකින් ඉහල ගුණාත්මක සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට සමත් වූයෙමු.
විපර්යාස හා ගැටුම්වලින් සපිරි වත්මන් ලෝකයේ, වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ හා ගෝලීය දකුණේ සහයෝගතාව සක්‍රියව ඉදිරියට මෙහෙයවමින් සිටියි.
එවන් චීන ස්ථාවරයන්, ලෝක සාමය හා ස්ථාවරත්වයට ධනාත්මක බලය එකතු කර ඇත. ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය සඳහා යුගයේ ප්‍රවණතාව සමඟ අපි ඉදිරියට ගමන් කරමින් සිටිමු.
2025 වසරේදී අපි 14වැනි පස්අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටිමු. ඒ සඳහා වඩා සක්‍රිය හා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට උපරිම අවධානය යොමු කළ යුතු ය. උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය හා ස්වශක්තිය ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය හා සමාජය මනා සංවර්ධන ප්‍රවණතාවක පවත්වා ගැනීම සඳහා අප ප්‍රයත්න දැරිය යුතු ය.
ලෝකයේ සියවස් විපර්යාසය වේගයෙන් සිදු වෙමින් පවතී. සාමූහික ආකල්පයකින් ගැටුම් විසඳා ගෙන, මානවයාගේ ඉරණම කෙරෙහි ගැඹුරු හැඟීමෙන් යුතුව අවධානය යොමු කළ යුතුය. ලෝකයේ ජයග්‍රාගී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ රටවල් සමඟ එක්ව මිත්‍ර සහයෝගිතා ක්‍රියාවට නංවන්නෙකු, අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්‍රවර්ධකයෙකු සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහභාගි වන්නෙකු ලෙසට ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටී.
අපි පූර්ණ විශ්වාසයකින් නව වසර පිළි ගනිමු. මව්රට සෞභාග්‍යවත් හා සමෘද්ධිමත් වේවා! සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වේවා! සියල්ලන්ම සතුටින් හා සුසංගතයෙන් ජීවත් වේවා!
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති ජින්පින් 2025 පිළිගනී