දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඊයේ (18) තායිලන්තයට පැමිණියේය.
‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් බැංකොක් නුවර ඩොන් මියන් ගුවන් තොටුපොළට පැමිණි ඇමෙරිකා ජනපතිවරයා හරසරින් මෙන්ම ඉතා උණුසුම් අයුරින් ද පිළිගැනීමට තායිලන්ත ජනපතිනි යිංග්ලක් ෂිනවත‍්‍රා කටයුතු කර තිබිණි.
තායිලන්ත සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා මියන්මාරයේ සංචාරය කරයි. ඇමෙරිකානු ජනපතිවරයකු මියන්මාරයට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ජනපති ඔබාමාගේ මෙම සංචාරය ඓතිහාසික එකක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකා රජය තවමත් මියන්මාරය හඳුන්වන්නේ ඔවුන් භාවිත කළ පැරැණි නම වන බුරුමය ලෙසිනි.
මෙම සංචාරයේ දී ජනපති ඔබාමා මියන්මාර ජනපති සහ මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ද්වීපාර්ශ්වික රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
ජනපති ත්වෙන් ස්වෙන් හමුවීමෙන් පසු ඔබාමා සහ මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී අතරේ ද විශේෂ හමුවක් පැවැත්වේ.
මියන්මාරයේ සිවිල් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට යොමු වී ඇති අතර ඔවුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ඇමෙරිකාවේ ප‍්‍රසංශාවට ලක් වී සිටී.
ඇමෙරිකාව මේ වනවිට මියන්මාරයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කර ඇත. ජනපති ඔබාමාගේ මෙම මියන්මාර සංචාරයෙන් පසු එම සම්බාධක ඉවත් කර ගැනීමට හැකි වනු ඇතැයි මියන්මාර රජයේ අපේක්ෂාව වී ඇත.
ඇමෙරිකාව මියන්මාරයට එම සම්බාධක පැනැවූයේ 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේදීය. සූ කී වසර 15 ක් නිවාස අඩස්සියේ තැබුවේ ද එම හමුදා රජයයි.
2010 වසරේ මහ මැතිවරණයෙන් පසුව මියන්මාරයේ සිවිල් රජයක් පිහිටුවූ අතර හමුදා නායකයන් හමුදා ධුරවලින් සමුගෙන එම රජයට නායකත්වය දෙයි. වත්මන් ජනපති ත්වෙන් ස්වෙන් ද හිටපු හමුදා නායකයෙකි.
නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ අදියර කීපයකින් ඉදිරිපත් කරමින් ඒවා නිසි ලෙස ති‍්‍රයාත්මක කළ අතර සූ කීට මියන්මාර රජයේ මන්තී‍්‍රවරියක වීමට අවස්ථාවක් ලැබුණේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අනුව පැවැති අතුරු මැතිවරණයකදීය. ඊට අමතරව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහසට ඉඩ දීම ද සිදුවුණේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහාය.
මියන්මාරයේ මේ දිනවල පවතින ආගමික ගැටුම්වලට කඩිනමින් විසඳුම් සෙවීමට මියන්මාර රජය සමඟ ජනපති ඔබාමා සාකච්ඡුා කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.
දෙදින මියන්මාර සංචාරයෙන් පසුව ඔබාමා කාම්බෝජයේ ද සංචාරය කරමින් එම රටවල් සමඟ ද රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තර කර ගැනීමට නියමිතය.
ජනපති ඔබාමාගේ අරමුණ වී ඇත්තේ ආසියා කලාපීය රටවල තම බලය පතුරුවා ගැනීමට යැයි චීනයත් උතුරු කොරියාවත් චෝදනා කරයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති බරක් ඔබාමා තායිලන්තයට පැමිණෙයි
ප්‍රවීන් Monday, 19 November 2012 10:24 AM
හිලරි පන්සලුත් යනව ද දැන්නෑ. පරිස්සම් වෙන්න ඕනේ. තායි ජනතාව දැන්. (අ)
උපුලි Tuesday, 20 November 2012 01:48 AM
සාදරයෙන් පිලි ගන්නවා
ලාල් Monday, 19 November 2012 06:55 PM
සන්තෝසයි
නාපාවල කටාර් Monday, 19 November 2012 01:06 PM
ආසියාතික රටවල් තම අනසකට නතුකර ගැනීමේ පියවරක් , යටි අරමුණ චීනයේ නැගිටීම කඩා දැමීමයි .සමාජවාදී රටවල් ආරක්ෂා කරගත යතුයි .(ස)
මුතු Monday, 19 November 2012 06:54 PM
ඒ අය පන්සල් විතරක් නොවෙයි මහනදම්පුරන්න උනත් ඉදිරිපත් වෙයි ඒ අයගේ වාසියට. (ස)
මුතු Monday, 19 November 2012 02:10 PM
මියන්මාරයේ රංතරන් තිබෙන බවට කසුකුසුවක් තිබෙනවා. ඒ රටට යන්නේ යමි කිසි හේතුවක් ඇතිවයි. (ස)
මධූ Tuesday, 20 November 2012 02:28 PM
ඔබාමට ලංකාවට එන්න හිතක් නැද්ද (ස)
අල්විස් Monday, 19 November 2012 02:54 PM
සහයෝගය වර්ධනය කිරීමක් (දී)
අමිල කටුනායක Monday, 19 November 2012 09:46 PM
ආපු එකේ බලන්න වටින හැමදෙයක්ම බලලාම යන්න. (නි)
අමිල කටුනායක Monday, 19 November 2012 09:29 PM
අපේ රටටත් එනවා නියම අය (ස)