IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි

ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉරාන රජය වෙනුවෙන් එම ඉල්ලීම කළ ඇත්තේ ඉරාන විදේශ අමත්‍යාංශයයි. ඉරාන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායී මෙම ඉල්ලීම කළේ ටෙහෙරාන් අගනුවර මාධ්‍ය හමුවක් අතරතුරේ ගාසා තීරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ අවස්ථාවේදීය.

ට්‍රම්ප් දීර්ඝ කාලීනව, ඊශ්‍රායලයේ සමීප මිතුරකු බැවින්, ඔහු ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

මැතිවරණ සමයේ දී ට්‍රම්ප් ඝාතන සැලැසුම් ක්‍රියාත්මක වූ අතර, එම සැලැසුම් පසුපස සිටින්නේ ඉරානය සහ ඉරානයේ විප්ලවීය හමුදාව යැයි දිගින් දිගටම චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, ට්‍රම්ප් ඉරානයේ ඉල්ලීමට කන්දෙනු ඇතැයි සැකසහිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතරේ පවතින ගැටුම් නිරාකරණය කර දී, සටන් විරාමයක් සඳහා මැදිහත් වීමට තමන් ද සූදානම් බව රුසියාව පවසා ඇත.



අදහස් (0)

ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල ඇමෙරිකන් තානාපති මයික් හකබී
2024 නොවැම්බර් මස 13 165 0

ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍ර


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 691 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 2274 1

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම්
2024 නොවැම්බර් මස 13 62 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඉරාන රජ


මෝටර් රථයකින් ඇවිත් 35 ක් යට කරලා
2024 නොවැම්බර් මස 12 129 0

දකුණුදිග චීනයේ, සුහායි නගර වැසියන් පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදීමෙන් 35 දෙනකු එහි හැපී ජීවිතක්ෂයට පත්වුණු බවත් තුවාල ලැබූ 43 දෙනකු කඩිනමින් රෝහල්ගත


ඇමෙරිකන් මගී යානයකට වෙඩි තියලා
2024 නොවැම්බර් මස 12 159 0

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවී ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබුණු ඇමෙරිකාවේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් මගී ගුවන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1629 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site