ජර්මනියේ විශාලතම බලශක්ති සමාගමක් වන යුනිපර් සමාගම යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංගණය නොවන අයුරින් නව ගෙවීම් පද්ධතියක් මගින් රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.
කෙසේ නමුත් මෙය යුරෝපා සංගමය මගින් පනවා ඇති සම්බාධක නොසලකා හැරීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.
තම රටින් මිලදී ගන්නා සියලු නිෂ්පාදන සඳහා රුසියානු මුදල් ඒකකය වන රූබල් මගින් ගෙවීම් සිදු කළ යුතු බව පසුගියදා ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.
මෙම ගෙවීම් පද්ධතිය මගින් යුනිපර් සමාගම යුරෝපයේ නිල මුදල් ඒකකය වන යුරෝ මගින් ගෙවීම් සිදු කරන අතර එය රූබල් මුදල් ඒකකයට පරිවර්තනය වී රුසියානු සමාගම් වෙත ලැබෙනු ඇත. අනෙකුත් යුරෝපා බලශක්ති සමාගම් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සුදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
“අපට වෙන කරන්න දෙයක් නෑ,අපි ගෙවීම් සිදුකරන්නේ යුරෝ වලින් ගෙවීම් පද්ධතිය ඇතුළෙදි තමයි රූබල් වලට පරිවර්තනය වෙන්නේ ඒ හින්දා අපි හිතනවා මෙය යුරෝපා සංගමය පැනවූ සම්බාධක උල්ලංගණය කිරීමක් නොවේ” යැයි යුනිපර් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
“අපි සමාගමක් වශයෙනුත් ජර්මනිය රටක් වශයෙනුත් කෙටි කලකින් රුසියානු ගෑස් අත් හැරීම සිදු කළ නොහැකියි.එසේ සිදු කළොත් අපේ ආර්ථිකයට බරපතළ පහරක් එල්ල වේවි”. යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
(රොයිටර්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජර්මනිය රුසියාවෙන් ගෑස් මිලදී ගන්න යයි
dickie bird Friday, 29 April 2022 04:04 PM
පිනටද? ඉන්දියාවට එපා... කියන්න ගිහිල්ලා එංගලන්තයට...