IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘ජී20’ අවසන්: මෝදි ගයනාවට

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ගයානා රාජ්‍යයට ගියේය. ගයානා යනු බ්‍රසීලය අසල පිහිටි ලතින් ඇමෙරිකාවට අයත් කුඩා රාජ්‍යයකි.

ජෝර්ජ්ටවුන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ගයනා ජනාධිපති ඉර්ෆාන් අලීගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මෝදි ගයනාවේ ඉන්දීය ඩයස්පෝරාව හමුවීමට ද නියමිතව සිටියේය.

ඉන්දියාව සහ කෙරිකොම් සංවිධානය අතරේ දෙවැනි සමුළුව ගයානා රාජ්‍යයේ ජෝර්ජ් ටවුන් නුවරදී පැවැත්වෙයි. මෝදි ගයානා බලා ගියේ එම සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. මෙවර සමුළුවේ සත්කාරකරුවන් ලෙස ගයානා රාජ්‍යයත්, ග්‍රෙනේඩා රාජ්‍යයත් කටයුතු කරයි.

කෙරිකොම් සංවිධානය යනු ලතින් ඇමෙරිකා සහ කැරිබියානු දූපත් රටවල් එක් වී පිහිටුවාගත් හවුලකි. කලාපීය රටවලට බලපාන දේශපාලනික සහ ආර්ථික අභියෝග ජය ගැනීම කෙරිකොම් සමුළුවේ අරමුණය.

ඉන්දියාව සහ කෙරිකොම් සංවිධානයට අයත් රටවල් අතරේ වෙළෙඳ සහ දේශපාලනික සහයෝගීතාවක් පවතී. සමුළුව පැවැත්වෙන්නේ එම රටවල දේශපාලන සහ ආර්ථික අභිලාෂ ඉටු කර ගැනීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි. සමුළුව ඊයේ (20) ඇරැඹිණි.

‘ඉන්දියාව යනු අද ලෝකයේ ප්‍රබල රටක්. ඉන්දියාව ලෝකයේ ප්‍රබල රටක් වී ඇත්තේ මෝදිගේ නායකත්වය හේතුවෙන්. අප සාමාජික රටවලට දේශපාලනික, ආර්ථික, තාක්ෂණික මෙන්ම සමාජීය වශයෙන් ද ඉන්දියාවේ සහාය ලැබෙනවා. ඉන්දියාව සමඟ එක් වී මෙසේ සමුළුවක් පැවැත්වීම ඇත්තටම අපට සතුටක්’ යැයි කෙරිකොම් සංවිධානයේ සහකාර මහලේකම් එලිසබෙත් සොලමන් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.



අදහස් (0)

‘ජී20’ අවසන්: මෝදි ගයනාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 959 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 580 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 137 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8422 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site