දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.
සමුළුවේ සත්කාරකත්වය දරන බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, සමුළුවට සහභාගී වුණු ලෝක නායකයන් හමුවේ කියා සිටියේ, පටු අරමුණු පසෙකලා මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ලෝකය එකමුතු විය යුතු බවය.
ගෝලීය වශයෙන් මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන අභියෝග දේශපාලනික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් බව ද ‘ජී20’ සමුළුව ආරම්භ කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
දේශගුණික විපර්යාසවලින් ලෝකයට එල්ල වන අනිසි බලපෑම සහ දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් ගත හැකි තීන්දු තීරණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි බ්‍රසීල ජනාධිපතිවරයා ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘ජී20’ රටවල රාජ්‍ය නායකයන්, වියෝජිතයන් පමණක් නොව, විදෙස් ඇමැතිවරුන් ද සමුළුවට සහභාගී වෙති.
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිරියාවේ සංචාරකට සූදානම් වෙයි. අල් තානී, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවට පැමිණෙන පළම
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්
ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින්
තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇරැයුම් කර ඇත. ඒ අනුව, නෙදන්යාහ
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, තමන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අකමැත්ත පළ කරන්නේ, ඔහු තමන්ට දක්වන බිය
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හැර, යුක්රේන රජයේ ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ