මෙවර ‘ජී7’ සමුළුව ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙනි. හිරෝෂිමා යනු අග්‍රාමාත්‍ය කිෂිඩාගේ උපන් නගරයයි. සමුළුව 21 අවසන් වෙයි.
‘ජී7’ සමුළුවට ‘ජී7’ රටවල නායකයෝ එක්වෙති. ‘ජී7’ රටවල් වන්නේ ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මහා බි්‍රතාන්‍යය සහ ජපානයයි. නිත්‍ය සාමාජිකයකු නොවුනත් යුරෝපා සංගමයේ නියෝජනයක් ද සිදුවෙයි.
‘ජී7’ සමුළුව සෑම වසරකම පැවැත්වෙන අතර සමුළුව පැවැත්වීම සිදුවන්නේ සාමාජික රටයල ඓතිහාසික වශයෙන් වැදගත් නගර කේන්ද්‍රකොට ගනිමිනි. ආර්ථික දේශපාලනික අර්බුද සහ පාරිසරික අර්බුද සම්බන්ධයෙන් ‘ජී7’ කණ්ඩායමට අයත් නායකයෝ රැස්වී සාකච්ඡා පවත්වති. මෙවර ‘ජී7’ සමුළුවේ ද වැඩි අවධානයක් යොමු වූයේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය.
සමුළුව ආරම්භ වූයේ ජපාන අග්‍රාමාත්‍යවරයා, ලෝක නායකයන් පිළිගත්තේය. ඉන්පසු රාජ්‍ය නායකයන් සියල්ලෝම හිරෝෂිමා සාම ස්මාරකය පිහිටි උද්‍යානය වෙත ගියහ.
1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය අවසන් කරමින්, ඇමෙරිකාව හිරෝෂීමා නගරයට හෙලූ පරමාණු බෝම්බයෙන් මියගිය පිරිස සිහි ගන්වමින් ඔවුහු පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළාහ.
සමුළුවට එක් වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, සෙසු නායකයන සමඟ රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම චීනයෙන් ලෝකයට එල්ල වන බලබෑම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.
රුසියාව යුක්රේනය එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හිතවතුන් මෙන්ම රුසියන් සමාගම් ද ඉලක්ක කර ගනිමින් නව සම්බාධක 300 ක් පැනවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඊට අමතරව රුසියාවේ දියමන්ති කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ද ‘ජී7’ කණ්ඩායම එක් වී සම්බාධක පැනැවීමක් කළේය.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ