IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ටයිටැනික් සුන්බුන් බලන්න ගිය කුමුඳුව අතුරුදන්

කැනඩාවට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ, ගිලුණු  ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට ගිය කුඩා සබ්මැරීනයක් (කුමුඳුවක්) එහි නියමුවා සහ සංචාරකයන් සිවුදෙනා සමඟ අතුරුදන් විය.

කුමුඳුව අතුරුදන් වූයේ එය අකරතැබ්බකට මුහුණ දුන් නිසා යැයි සැක කෙරේ. කුමුඳුව සමඟ සබඳතා බිඳ වැටී ඇති අතර, එය අනතුරට පත් වුණු ස්ථානය නිවැරදිව දැන ගැනීමට ඇමෙරිකන් සහ කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් අරඹා තිබේ. ඒ සඳහා විශේෂ රේඩාර් සහිත ගුවන් යානා ද භාවිතයට ගැනෙයි.

අද (20) වනවිට ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ කුමුඳුවේ ඔක්සිජන් ඇත්තේ පැය 55 කට පමණක් බවය. ඒ අනුව, කුමුඳුව සොයා ගනිමින්, එහි සිටින පස්දෙනා බේරා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට වෙරළාරක්ෂකයන්ට සිදුවී ඇත.

1912 වසරේ ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ නමැති සමාගමය. අතමිටසරු නම්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කැමැති නම්, පවුම් 195,000 ක වැනි මුදලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම අවස්ථාව උදා කර දෙයි.

සමාගමට අයත් ‘පෝලර් ප්‍රින්ස්’ නෞකාවෙන්, සුන්බුන් ඇති මුහුදු කලාපයට රැගෙන යන සංචාරකයන් අඩි 12,500 කු මුහුදු පතුළට ගෙන යෑම සිදු කරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා කුමුදුවෙනි. පසුගිය ඉරිදා (18) මුහුදු පතුළ බලා යද්දී අතුරුදන් වූයේ මෙම කුමුඳුවය.

කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. සාගර ගවේෂණය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල මොහු ප්‍රංශ ජාතිකයෙකි. ඔහුගේ සහායට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද සිටී.

සංචාරකයන් ලෙස ගමනට එක් වූයේ ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ සභාපති බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති හාමීෂ් හාඩින්, ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති ෂෙහ්සාද් ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන්ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන්නේ ෂෙහ්සාද් ඩාවුඞ් ය.

සම්මැරීන සම්බන්ධ විශේෂඥයන් බිය පළ කර ඇත්තේ ‘ටයිටන්’ කුමුඳුව අනතුරට පත් වී මුහුදු පතුළේ සිරවූවා නම් ඒ වෙත ගොස් එහි සිටින පිරිස බේරා ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් බවය. කුමුඳුව සමඟ සියලු සබඳතා බිඳ වැටී ඇත්තේ එය පැය 1 මිනිත්තු 45 ක් මුහුදු පතුළ බලා යද්දීය. ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත යෑමට ගත වන සම්පූර්ණ කාලය පැය 2 ක් බව ද පැවැසෙයි.



අදහස් (0)

ටයිටැනික් සුන්බුන් බලන්න ගිය කුමුඳුව අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1444 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 1680 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


එන්නත්කරණ වැඩසටහන් අවදානමේ
2025 අප්‍රේල් මස 26 52 0

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්


සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී
2025 අප්‍රේල් මස 26 82 0

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 1540 2

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 605 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site