ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත.
එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දීය.
ජනාධිපති ට්‍රම්ප්, මෙසේ හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කළේ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාය. ‘මේක තමයි නුඹලාට ලැබෙන අවසන් අනතුරු ඇඟවීම. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න. පුළුවන් වෙලාවේ ගාසා තීරයෙන් යන්න. නැතිනම් නුඹලාට වන්දි ගෙවන්න වේවි’ යැයි ට්‍රම්ප් පවසා ඇත.
‘ගාසා පලස්තීන වැසියන්ට මා කියන්න කැමතියි. නුඹලට හොඳ ලස්සන අනාගතයක් උදා කරන්න මා සූදානම්. හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් රඳවාගෙන ඉන්නා තුරු මට එය කරන්න බැහැ. ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉන්නවා නං නුඹලට මැරෙන්න වේවි. මොළය පාවිචචි කරලා තීරණයක් ගන්න. ඉක්මනින්” යැයි ජනාධිති ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කළ එහ සමාජ මාධ්‍ය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු
ආච්චි Thursday, 06 March 2025 11:36 AM
ට්‍රම්ප් ජනපතිතුමනි, විශිෂ්ටයි. ඒ අන්තවාදී ත්‍රස්තවාදීන් නමැති පිළිකාව මෙලොවින් තුරන් කරන්න මැදිහත් වෙන්න. අපේ ලොක්කො නං ඒ සර්පයන්ට කිරි පොවනවා මෙහෙ. ඡන්ද ටිකට පෙරේත කමට. අපේ උන්ට බලය තමා වටින්නෙ නිදහස මකබෑ උනත්.
fairoosThursday, 06 March 2025 01:18 PM
ඔය ඩේසි ආච්චි ද නැත්නම් නිකම් ආච්චිද ?
saman Thursday, 06 March 2025 01:43 PM
නපුන්සක ආච්චි මිනිහකුට ඉපදුනා නම් මෙහෙම කතා කරන්නේ නැහැ
විතාරන Thursday, 06 March 2025 02:41 PM
සාමකාමී මුසල්මානුවාට විරුද්ධ නොවන්න. අන්තවාදියාට විරුද්ධ වන්න. අන්තවාදය අවසන් නොවන තාක් කල් ආගමික සහජීවනය ගැන කතා කිරීම විහිලුවකි. ඔය "සටන්කාමීන්" කියලා ජාතියක් නෑ. "සටනට කැමති" කියන එකනෙ ඒකෙ තේරුම. සටන් කරන්න කපන්න කොටන්න මරන්න කැමති එකා ත්‍රස්තවාදියා. ඔය "සටන්කාමියා" කියන වචනෙ "ත්‍රස්තවාදියාට" සුදුහුණු ගාන්න හදා ගත්ත වචනයක්.
ගුණරත්න Friday, 07 March 2025 01:40 PM
ත්‍රස්තවාදීන්ට තේරෙන භාසාවෙන් උත්තර දෙන්න ඕන. ඒ කියන්නේ උන් චප්ප කරලා විනාස කරලා දාන්න ඕන.