IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට විරෝධතාකරුවන් හානි සිදුකර ඇතැයි පැවැසෙයි.

රතු තීත්න ආලේප කරමින්, නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ පලස්තීන හිතවාදීන් පිරිසකි. මෙම නිවාඩු නිකේතනයට ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ද අයත් වෙයි.

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්, ගාසා තීරයෙන් ඉවත් කර අසල්වැසි වෙනත් රටක පදිංචි කරවීමට ට්‍රම්ප් යෝජනා කර ඇත. ඒ, ඊශ්‍රායලයට සහාය දක්වමිනි.

මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ ද ඒ නිසා යැයි පැවැසෙයි.

මේ අතර, ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා පවසයි.

විරෝධතා පැවැත්වූයේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට එරෙහිවය.

ට්‍රම්ප් අත්සන් කර ඇති විධායක නියෝගයකට අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කර ඇති අතර, විරෝධතාවට හේතුව වී ඇත්තේ එයයි. විධායක නියෝගයට අනුව,

එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි වෙයි.

විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතා රැලියක් පැවැත්වුණු අතර ඊට දහස් ගණනක් දෙනා සහභාගී වූහ.

(බීබීසී)



අදහස් (2)

ට්‍රම්ප්ට එරෙහි විරෝධතා

ගුණරත්න Sunday, 09 March 2025 12:19 PM

ඔය පලස්තීන ආධාරකරුවන් කියන්නේ ත්‍රස්තවාදී, වාමාශික ත්‍රස්තවාදීන්. ඔවුන් අඩුම ගානේ දන්නේ නැහැ පලස්තීනය කියන්නේ ඊශ්‍රායලේ මිනිස්සුන්ගේ හීබ්රු වචනයක් කියලා එකෙන් අදහස් කරන්නේ ආක්‍රමණිකයෝ කියන එකයි. පලස්තීනය කියන්නේ ඊශ්‍රායල්වරුන්ගේ දේශය ආක්‍රමණය කරපු අය හදපු රට...

:       9       1

vis8 Tuesday, 11 March 2025 07:12 AM

රට යළි යථා තත්වයට පැමිණෙනතුරු ටිකක් කල් අපහසුකම් විඳින්න වෙයි කියලා ට්‍රම්ප් කිව්වා. අපේ එවුන්ටනම් මේවා අරහං ...:) බඩ පැලෙන්න කන්න තියනවා නම් සහ ඕන තරම් පැට්‍රොල් තියනවානම් රටට හෙන ගැහුවාත් උන්ට කමක් නැහැ .. :

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ
2025 අප්‍රේල් මස 14 1116 0

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට


ට්‍රම්ප් නියෝජිතයා පුටින් හමුවෙයි
2025 අප්‍රේල් මස 13 114 0

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩි


ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ
2025 අප්‍රේල් මස 13 79 0

අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍ර


යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 13 1669 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
2025 අප්‍රේල් මස 13 2078 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස


ඉරාන ඇමෙරිකන් සාකච්ඡා ඕමානයේ
2025 අප්‍රේල් මස 13 61 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 857 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site