අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති බවටත්, එම සම්බන්ධය වසං කිරීමට ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල් ට මුදල් ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. අධිකරණයට අපහාස කළේ යැයි ට්‍රම්ප්ට දඩ නියම වූයේ මෙම නඩු විභාගයට අදාලවය.
ට්‍රම්ප් පසුගිය දා මෙම නඩු විභාගයට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඒ ඔහුගේ සමාජ මාධය ඔස්සේය. අධිකරණය දඬ නියම කළේ එම පිරිස විවේචනය කරමින් ට්‍රම්ප් අධිකරණයට අපහාස කළ බවටය.
ඉදිරියටත් මෙලෙස අධිකරණයට අපහාස කළහොත්, ට්‍රම්ප්ට සිරදඬුවම් නියම කිරීමට පවා තමන් සූාදනම් බව විනිසුරුවරයා පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන්නේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඇති බැවිනි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපති, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතරේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප් දඩ කයි
de silva Wednesday, 01 May 2024 03:10 PM
ඇමෙරිකාවෙත් බයියෝ ඉන්නවා? මේකට ඡන්දෙ දෙන, සැඟවුණු බයියන් අමතක කරන්න එපා...!
Dasa PWednesday, 01 May 2024 05:30 PM
බයියන් කියන ජාතිය කොයි රටේත් ඉන්නවා. ඇස් ඉදිරිපිට ගල් පැලෙන බොරු කිව්වත් හොරකම් කරලා අහුවුණත් බයියන්ට මහ හොරු වගේ තමයි...