කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට විරෝධතාකරුවන් හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
රතු තීත්න ආලේප කරමින්, නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ පලස්තීන හිතවාදීන් පිරිසකි. මෙම නිවාඩු නිකේතනයට ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ද අයත් වෙයි.
ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්, ගාසා තීරයෙන් ඉවත් කර අසල්වැසි වෙනත් රටක පදිංචි කරවීමට ට්‍රම්ප් යෝජනා කර ඇත. ඒ, ඊශ්‍රායලයට සහාය දක්වමිනි.
මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයට හානි කර ඇත්තේ ද ඒ නිසා යැයි පැවැසෙයි.
මේ අතර, ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා පවසයි.
විරෝධතා පැවැත්වූයේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට එරෙහිවය.
ට්‍රම්ප් අත්සන් කර ඇති විධායක නියෝගයකට අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කර ඇති අතර, විරෝධතාවට හේතුව වී ඇත්තේ එයයි. විධායක නියෝගයට අනුව,
එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි වෙයි.
විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතා රැලියක් පැවැත්වුණු අතර ඊට දහස් ගණනක් දෙනා සහභාගී වූහ.
(බීබීසී)
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
කැනඩාවේ, ටොරොන්ටෝ නුවර, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 12 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි. මහ වැසි සමඟ සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් බව
නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
ගුණරත්න Sunday, 09 March 2025 12:19 PM
ඔය පලස්තීන ආධාරකරුවන් කියන්නේ ත්‍රස්තවාදී, වාමාශික ත්‍රස්තවාදීන්. ඔවුන් අඩුම ගානේ දන්නේ නැහැ පලස්තීනය කියන්නේ ඊශ්‍රායලේ මිනිස්සුන්ගේ හීබ්රු වචනයක් කියලා එකෙන් අදහස් කරන්නේ ආක්‍රමණිකයෝ කියන එකයි. පලස්තීනය කියන්නේ ඊශ්‍රායල්වරුන්ගේ දේශය ආක්‍රමණය කරපු අය හදපු රට...