ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය.
ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්, විස්කොන්සින් පැමිණියේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් ජන රැලියක් ඇමතීම සඳහාය.
ගුවන් යානයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් කුණු ලොරියට ගොඩවූයේ ට්‍රම්ප් දැක ගැනීමට ගුවන්තොටුපොළට රැස්ව සිටි මාධ්‍යවේදීන් බලා සිටිද්දීය. කුණු ලොරියේ, ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි පෙන්වන ප්‍රචාරක ස්ටිකර් අලවා හැඩ ගන්වා තිබුණි.
කුණු ලොරිය රවුම් කිපයක් ධාවනය කර, මාධ්‍යවේදීන් අසලට පැමිණ ට්‍රම්ප්, රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් දුන්නේය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ට්‍රම්ප් අපහාස කළේ එම අවස්ථාවේදීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 5 වැනිදා පැවැත්වෙයි. මේ වනවිට ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් ද ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිවල නියැලෙමින් සිටින බව පැවැසෙයි. එවැනි එක් රැලියකදී කමලාට සහාය දක්වමින් ඊට එක් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වැඩකට නැති ‘කසල’ යැයි හඳුන්වා දුන්නේය. ට්‍රම්ප්ගේ කෝපයට මෙය හේතුවක් විය.
‘ඔව්, අපි කසල තමයි, මම මේ කුණු ලොරිය පදවන්නේ ඒ නිසයි’ යැයි ට්‍රම්ප් කුණු ලොරියේ රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය. ඉන්පසු ට්‍රම්ප්, විස්කොන්සින් ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවෙන් සැරැසී සිටියේය.
(ඒ.එෆ්.පී.)
රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසිය
උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප
චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි
පිටරටවැසියා Thursday, 31 October 2024 10:23 AM
පුතාණෝගේ බස් එලවිල්ල මතක් වුණා. ඊට පස්සේ පුංචි ළමයින්ට රැස්වීමේදී මිත්‍රවරුණි කියලා ආමන්ත්‍රණය කරන එකත් මතක් වුණා. සිඟිති ආතල්.
de silva berlin Thursday, 31 October 2024 02:20 PM
ට්‍රම්ප් යනු ඇමරිකාවේ හිටපු අනෙක් ජනාධිපතිවරු සමඟ සන්සන්ධනය කරන කොට විනයෙන් ඉතා අඩු , දිගට හරහට නීතිය කඩන තනිකර කුණු ගොඩකි. ලංකාවේ දේශපාලුවන් සහ ට්‍රම්ප් අතර විශාල වෙනසක් නැත.