පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
භූමිකම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පියවර ගත්තේය.
භූමිකම්පාව හටගත්තේ ටොංගා දූපත් රාජ්‍යය අසල කිලෝ මීටර් 10 ගැඹුරු මුහුදු පතුළේය.
භූමිකමිපාවේ ප්‍රබලත්වය සහ එය හටගත් ගැඹුර සැලකිල්ලට ගනිමින්, භූමිකම්පාවේ අප්‍රිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 300 ක දුරකට සුනාමි රළ විහිදෙනු ඇතැයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ටොංගා යනු දූපත් 171 කින් සමන්විත පොලිනීසියානු දූපත් රාජ්‍යයකි. සැමෝවා, ෆීජි සහ තුවාලු යන කුඩා දූපත් ද ටොංගා දූපත් සමූහයට නුදුරින් පිහිටා ඇත.
ටොංගා දූපතේ ජනගහනය ලක්ෂයකට අඩුය. ටොංගා දූපත් සමූහයේ ප්‍රධාන දූපත වන්නේ ටොංගටාපුය. ටොංගා වැසියන් වැඩිදෙනකු ජීවත් වන්නේ මෙම දූපතේය.
(ද ටයිම්ස් ඔෆ් ඉන්දියා)
ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින
චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාව
රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිය
ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූය
සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය.
තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු