බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇඟලූම් කම්හලක ඊයේ (25) හටගත් ගින්නකින් 104 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට හසුවී පිළිස්සී තුවාල ලැබීමෙන් සහ දුම් ආඝ‍්‍රාණය වීමෙන් රෝහල් ගත කළ ගණන ද 100 කට වැඩිය. ගින්න හටගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇගලූම් කම්හලක බිම් මහලෙනි. එය වේගයෙන් ඉහළට පැතිරී යෑමත් සමඟ ඉහළ මහලවල සිටි සේවක සේවිකාවෝ ගින්නට කොටු වූහ. මියගිය පිරිසෙන් ඇතැමුන් ගින්නෙන් බේරීමට ඉහළ මහල්වල සිට බිමට පැන ඇතැයි පොලිසිය පවසයි. පිළිස්සුම් තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඩකා රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට හේතුව සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව පැවසූ ඇඟලූම් කම්හලේ හිමිකරු කම්හල් පරිශ‍්‍රය අනාරක්ෂිත බවට එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදා භටයන්ට පැය පහක් ගත වී ඇත. ගින්නට හේතුව කුමක්දැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩකා නුවර ඇඟලූම් කම්හලේ ගින්නට 104 දෙනෙක් බිලිවෙති
නිශාර්ඩ් Monday, 26 November 2012 06:11 PM
කනගාටු දායක පුවතක්
නුශ්කි Tuesday, 27 November 2012 04:42 AM
කනගාටුයි...කනගාටුයි...
මධූ Monday, 26 November 2012 01:04 PM
බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ (ස)
නිශාන් Tuesday, 27 November 2012 04:47 AM
104ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් (දී)
චුලන්ත Monday, 26 November 2012 01:28 PM
නිවන් සුව පතනවා මිය ගිය සැමදෙනාටම (දී)
මාලිංග Monday, 26 November 2012 01:29 PM
මොකද්ද ඒ ගින්නට හේතුව
නන්දලාල් Monday, 26 November 2012 01:23 PM
මට ගොඩාක් දුකයි
නීල් Monday, 26 November 2012 01:31 PM
මිය ගිය සියල්ලන්ටම නිවන් සුව
රංජිත් Wednesday, 28 November 2012 12:14 AM
මොහොමඩ් ,බුදු පිළිම කැඩුවහම ඔහොම වෙනවා... (ස)
මුතුකුඩ Monday, 26 November 2012 02:01 PM
ඇයි ඒතකොට ලංකාවේ නිධාන ගන්න කඩපු බුදුපිළිම නායක ස්වාමින් වහන්සේලාව ඝාතනය කරපුවා මතක නැද්ද? (ස)
ලලිත් Monday, 26 November 2012 07:26 PM
ලංකාව් කි දෙනෙක් අහු වෙලාද (දී)
භාතිය Tuesday, 27 November 2012 04:58 PM
පව් අප්පා ඒ මිනිස්සු (දී)
රසික Tuesday, 27 November 2012 05:00 PM
කනගාටුයි
මොහොමඩ් Monday, 26 November 2012 02:11 PM
බංගලාදේශයේ හැමදාම ඇගලුම් කම්හල් ගිනි ගන්නව තමයි..බුදු පිලිම කඩන්න ඉස්සෙල්ලත් ගිනි ගත්ත තමයි..ඔය පිලිම කැඩුවට ඔහොම ගිනිගන්නවනම් මොනවද කරන්න බැරි... (ස)
සුරවීර Wednesday, 28 November 2012 01:00 PM
මොහොමඩ්, බුදු පිළිම නෙමෙයි, ඕනෑම ආගමක් විනාශ කරන්න හැදුවොත් කාට වුණත් දඩුවම් ලැබෙනවා. (නි)
ජනත් Tuesday, 27 November 2012 06:11 PM
මෙයාලට පිස්සු (ස)
ෂෙරිෆ් Monday, 26 November 2012 08:19 PM
බේරා ගන්න අවස්තාවක් තිබ්බේ නැද්ද (දී)
බණ්ඩාර Tuesday, 27 November 2012 11:28 AM
ඒ මිනිස්සු මොන දුකක් විදින්න ඇතිද බේරෙන්න (දී)
වරුණ Monday, 26 November 2012 11:31 PM
නිවන් සුව ලැබේවා ඔබලාට (දී)
අනුර Monday, 26 November 2012 11:23 AM
ඔන්න බුදු පිළිම කඩන රටේ වෙන දේවල්. මොනවා උනත් අසරණ සේවකයින්ට නිවන් සැප ලැබේවා (ස)
රිෆයි Tuesday, 27 November 2012 12:59 PM
මධූ, අන්න කච්චේරිය ගිනිගන්නවා. හේතුව කියන්නකෝ බලන්න. (නි)