ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වූවාය.
පොලිසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය අසලටම පැමිණ ඇයට පහර දුන් බවය. එසැණින් ඇගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර, පොලිසියට බාර දී ඇත.
ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත්, ප්‍රහාරය හේතුවෙන්, ඇය දැඩි ලෙස කම්පනයට පත්වුණු බව පැවැසෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. ඔහු අග්‍රාමාත්‍යවරියට පහර දුන්නේ ඇයිදැයි යන්න තවමත් පැහැදිලි නැත.
සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, අගමැතිනි මෙට් ෆෙඩ්රික්සන්ට පිටුපසින් ආ එම පුද්ගලයා ඇයට ළං වී, ඇගේ උරහිසට අතින් ප්‍රහාරයක් එල්ල කළ බවය ප්‍රහාරය හේතුවෙන් ඇය විසි වී ඇද වැටීමට ගිය බව ද සිද්ධිය දුටුවෝ වැඩි දුරටත් කියා සිටි. සිද්ධියෙන් පසු ඇය අවන්හලකට ගොස් කෝපි පානය කර තිබේ.
46 හැවිරිදි මෙට් ෆෙඩ්රික්සන්, ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේදීය. ඇය ඩෙන්මාර්කයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය වන්නීය.
අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුවූයේ යුරෝපා සංගමයේ ඡන්ද විමසුමේ දී ඩෙන්මාර්කය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඩෙන්මාර්කය ද යුරෝපා රටකි.
මීට පෙර තවත් යුරෝපා රටන් වන ස්ලොවේකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක් විය. සැත්කම් කීපයකට භජනය වූ අග්‍රාමාත්‍යවරයා දිවි ගලවා ගැනීමට සමත් වූ බව පැවැසෙයි.
(බීබීසී)
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
න්‍යෂ්ටික බලවතකු නොවන රටක්, එවැනි න්‍යෂ්ටික බලැති රටක සහාය ලබා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එය ‘ඒකාබද්ධ’ ප්‍රහාරයක් ලෙස සැලකන බව රුසියන් ජනාධි
චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසී
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්
chandima Saturday, 08 June 2024 08:28 AM
ඒකනේ කියන්නේ වල් බුරු නිදහස ඕනවට වඩා ඕන නැ කියලා?
Lalla Sunday, 09 June 2024 12:08 PM
ඒකට කොහොමද අපේ කට්ටිය. නිකමට පාරට බහින්නේ නෑ. වරු තුනක්වත් ආරක්ෂක නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂා නොකළොත්... අනික ගහලා මරලා ඇති වැඩකුත් නෑ. ඊළඟට එන එවුන් ඊටත් අන්තයි.