සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් විසින් රඳවා ගනු ලැබ සිටි ප‍්‍රාණඇපකරුවන් 16 දෙනකු බේරා ගැනීමට ඩෙන්මාර්ක නාවික හමුදාව සමත්වී ඇති අතර එම ප‍්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇබ්සලන් නමැති ඩෙන්මාර්ක් යුද නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අයත් ප‍්‍රධාන නෞකාවක් ඉලක්ක කරගෙන මෙම මුදාගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බව වාර්තා වේ. බේරා ගනු ලැබූ සහ ජීවිතක්ෂයට පත්වූ ප‍්‍රාණඇපකරුවන් කුමන ජාතිකයන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව ඩෙන්මාර්ක් නාවික හමුදාව පවසයි. ඩෙන්මාර්ක් යුද නෞකාව දින ගණනක් තිස්සේ කොල්ලකරුවන්ට අයත් නෞකාව ලූහුබැඳ ගොස් ඇති අතර අවසානයේදී ඔවුන් කොටුකර ගැනීමට හැකි වූ බව ඩෙන්මාර්ක් නාවික හමුදාව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙන්මාර්ක් නාවික හමුදාව ප‍්‍රාණඇපකරුවන් මුදා ගනී