IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය.

වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.

ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය පෞද්ගලික ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණ තිබුණි. අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද පැවැසෙයි.



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 490 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


ඉන්දු කැනඩා අර්බුදය ඔඩුදුවයි
2024 ඔක්තෝබර් මස 15 56 0

කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 549 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 2613 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 177 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයන්න රොබෝ යානයක් යයි
2024 ඔක්තෝබර් මස 14 533 0

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site