IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්

ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැති නිල නිවසේ වසර ගණනක් තිස්සේ වාසය කරන බළල් සුරතලා ලැරීට තර්ජනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතරට අලුතින් එක් වුණු මෙම බළල් පැටියා සයිබීරියානු බළල් පැටියකු බවත්, ‘ප්‍රින්ස්’ යනුවෙන් ඌ නම් කර ඇති බවත් වාර්තා වේ. මේ වනවිටත් ‘ජෝජෝ’ යනුවෙන් තවත් බළල් සුරතලකු ද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් සහ ඔහුගේ පවුලේ අයට සිටී. ‘මගේ දරුවන්ට මුලින් ඕනෑ වුණේ බලු සුරතලෙක්. ඒත් ප්‍රින්ස් දැක්කාව එයාලට විතරක් නොවෙයි, මටත් ආසා හිතුණා. ප්‍රින්ස් කියන්නේ පුළුන් බෝලයක්’ යැයි අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පැහැදිලි කර ඇත. 

කෙසේ නමුත්, ‘ජෝජෝ’ මෙන්ම, ඩවුනිං වීදියට ගෙනා මෙම අලුත් බළල් පැටියා ‘ප්‍රිනිස්’ ද අගමැති නිල නිවසේ වසර දහකට ආසන්න කාලයක් වාසය කරන ‘ලැරී’ නමැති බළල් සුරතලාට තර්ජනයක් වී ඇතැයි පැවැසෙයි. බි්‍රතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ‘ලැරී’, ‘ජෝජෝ’ සහ ‘ප්‍රිනිස්’ එකිනෙකා මඟ හැරීමට උත්සහ ගනිමින් සිටින බවය.

ලැරී ඩවුනිං වීදියේ අගමැති නිල නිවසට ගෙන ඒම සිදුවූයේ 2011 වසරේදීය. ඒ, මී කරදරවලට විසඳුමක් ලෙසය. ඉන්පසු අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් අගමැති නිල නිවසට පැමිණියත් පිටවී ගියත්, ලැරී දිගටම නිල නිවසේ රැඳී සිටියේය.  



අදහස් (0)

ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්
2024 සැප්තැම්බර් මස 25 35 0

ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැත


ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා
2024 සැප්තැම්බර් මස 25 27 0

ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණ


චීන රුසියන් මෝටර් රථ ආරක්ෂාවට තර්ජනයක්
2024 සැප්තැම්බර් මස 25 52 0

ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආන


වඳුරු උණ නව ප්‍රභේදය ඉන්දියාවට ඇවිල්ලා
2024 සැප්තැම්බර් මස 25 16 0

මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නකි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස අවදානම සැලකිල්ලට ගනිමින්, ගොලීය මහජන සෞඛ්‍


ඇමසන් වනාන්තරයේ විශාල ප්‍රදේශයක් විනාශයි
2024 සැප්තැම්බර් මස 24 202 0

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉවක් බවක් නොමැතිව සිදුවුණු වන විනාශය හේතුවෙන්, දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජර්මනිය තරම් විශාල වනාන්තර ප්‍රදේශය


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 2081 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site