ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.
මෙය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ පළමු ඉන්දීය සංචාරය වීම විශේෂත්වයකි.
නවදිල්ලි ගුවන්තොටුපොළේ දී ඩුබායි ඔටුන්න හිමි කුමරු පිළිගනු ලැබුවේ, ඉන්දීය සංචාරක සහ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් රාජ්‍ය අමාත්‍ය සුරේෂ් ගෝපි විසිනි. හමුදා උත්තමාචාර ද පිරිනැමුණි.
ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුව ඉන් අනතුරුව පැවැතිවිණි. ඒ, හයිද්‍රාබාද් මන්දිරයේදීය.
එහිදී, දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා, පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කරගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඩුබායි ඔටුන්න හිමි කුමරු එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඔහුගේ සීයා වන ෂෙයික් රෂීද්ගේ ‘බිෂ්ට්‘ නමැති අරාබි පිරිමින් විසින් කන්දූරාවට උඩින් අඳිනු ලබන, සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් සළුවේ අනුරුවක් ද තිළිණ කළේය. ඒ දෙරට අතරේ, ඓතිහාසික සහ පරම්පරාගත දේශපාලන මිත්‍රත්වය සංකේතවත් කරමිනි.
(එන්.ඩී.ටීවී.)
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලැඹිණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඩුබායි කුමරු මෝදි හමුවන්න ඇවිල්ලා