ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව පෙරේදා (1) රැස්වූ අවස්ථාවේදී මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සහ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් අතරේ බහින් බස් වීමක් සිදුවී එය පසුව ගාලගෝට්ටියක් බවට පත්විය. එම බහින් බස් වීමට හේතු වූයේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත්, මහ ඇමැතිනී ජයලලිතාගේ රජයට එරෙහිව කළ චෝදනාවක් හේතුවෙනි. විජයකාන්ත් චෝදනා කළේ මැතිවරණයෙන් පසු ජයලලිතාගේ රජය ප්‍රාන්තයේ කිරි මිලත් විදුලි බිලත් නැංවීමට පියවර ගත් බවටය. එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජයලලිතා කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ රජය විසින් නොව තමිල්නාඩු විදුලිබල කොමිසම විසින් බවය. ඉන්පසු ජයලලිතා කියා සිටියේ 2010 ප්‍රාන්ත සභා මැතිවරණයේදී ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය සමඟ සන්ධානගත වීම තමා කළ මෝඩ කි්රයාවක් බවත් තමා ඒ ගැන පසුතැවෙන බවත්ය. මහ ඇමැතිනියගේ එම ප්‍රකාශයත් සමඟ ප්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක් ගට ගැණුනි. 2010 වසරේ පැවැති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ජයලලිතා සහ ඇයගේ ‘අන්නා මුනේත්ර ද්‍රවිඩ කලගම්’ පක්ෂය, ඡුන්ද සටනට එක් වුණේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් සමඟ සන්ධානගත වෙමිනි. එහෙත් වසරකට පසු ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය, ‘අන්නා මුනේත්ර ද්‍රවිඩ කලගම්’ පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට එක් විය. මහ ඇමැතියගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් විජයකාන්ත් සහ ‘ඞී.එම්.ඞී.කේ.’ මන්තී‍්‍රවරුන් කලහකාරීව හැසිරෙන්න වූ අතර එයින් ප්‍රාන්ත සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක්
ඉලංකා Monday, 06 February 2012 02:05 AM
එක වල්ලෙ පොල්