තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය.
වෙඩි තැබීම කර ඇත්තේ සේවයෙන් නෙපරා දැමුණු පොලිස් නිලධාරියකු බවත් වෙඩි තැබීමෙන් පසු පලා ගිය පසුව වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය කියයි. මෙම නිලධාරියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට වරදකරුවකු වූ අයෙකු බව ද පැවැසෙයි.
එම පොලිස් නිලධාරියා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
තායිලන්තයේ මේ අයුරින් වෙඩි තැබීම් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මීට පෙර, එරට මෙලෙස වෙඩි තැබීමක් සිදුවූයේ 2020 දීය. එම අවස්ථාවේදී 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 57 කි. එම වෙඩි තැබීම ස්ථාන හතරකදී සිදුවිය.
(රොයිටර්)
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.
ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.
ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ
‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍ර
ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නි
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් යුක්රේනයට අවසර දෙන බව ධුරයෙන් සමු ගැනීමට සූදානම් වන ඇමෙරිකන් ජ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්