නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අද (11) සවස් වනවිට තායිලන්තයේ බැංකොක් අගනුවර මුළුමනින්ම ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි බලධාරීහු බිය පළ කරති. බැංකොක් නුවරට අමතරව තායිලන්තයේ පළාත් රැුසක් මේවනවිට ජලයෙන් යටවී ඇති අතර ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 250 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. මිලියන 12 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. තායිලන්තයට මෝසම් වැසි සමය උදා වූයේ මීට මාස දෙකකට පෙරය. එදා සිට මේ දක්වාම නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතී. තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා ජාතිය අමතමින් කියා සිටියේ දශක ගණනාවකට පසු තායිලන්තය මුහුණ දුන් දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බවය. ”ජල ගැලීම් නිසා මුළු මහත් තායිලන්තය පීඩාවට පත්වී සිටිනවා. විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම කඩිනමින් සිදුවෙනවා” යැයි ද තායිලන්ත අගමැතිනිය වැඩි දුරටත් කියා සිටියාය. බැංකොක් නුවරට මහ වැසි ඇදහැලීම ආරම්භ වූයේ ඉකුත් සිකුරාදා (7) ය. ඊයේ (9) වනවිට බැංකොක් නුවර ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබුණි. බැංකොක් ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු තීරණය කර ඇතැයි ද වාර්තා විය. විපත පත්වූවන්ට අධාර ලබා දීමටත් ජලගැලීම් හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් හමුදාව යොදාවා ඇතැයි වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරි සතිය පුරාම තායිලන්තයට මහ වැසි ඇද හැලෙනු ඇති බවය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තායිලන්තයේ බැංකොක් නුවර ජලයෙන් යටවීමේ අවදානමක්