තායිවානයේ රෝහලක ඊයේ (23) අලූයම හටගත් ගින්නකට දොළොස් දෙනෙක් බිලිවූහ. හැත්තෑ දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූන් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සිටිති. මිය ගොස් ඇත්තේ රෝගීන් දොළොස් දෙනෙකි. ගින්න හටගත්තේ තායිවානයේ තායිනාන් නගරයේ මහල් පහකින් සමන්විත රෝහලකය. රෝහලේ දෙවැනි මහලේ ගබඩා කාමරයක ගින්න හටගෙන පසුව එය සීඝ‍්‍රයෙන් ඉහළ මහල්වලට පැතිර ගොස් ඇති බව ගිනි නිවන භටයෝ පවසති. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය පහකට වැඩි කාලයක් ගත විය. ගිනි නිවන භටයන් 200 දෙනකු ගින්න නිවා දැමීමට පැමිණ සිටි බව වාර්තා විය. ගින්න හට ගත්තේ කෙසේ ද යන්න තවමත් වාර්තා වී නැති අතර ඒ ගැන පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් පවතී. ගින්න හටගත් සැණින් සේවයේ සිටි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු යුහුසුළුව රෝගීන් පිටතට ගෙන යෑමට කටයුතු කළහ. ගින්නට හසුවී මියගිය සහ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් බොහෝ දෙනා ඇඳට සීමා වී ප‍්‍රතිකාර ලබමින් සිටි වයස්ගත රෝගීන්ය. ගින්නේන බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ ද එම රෝගීන් ප‍්‍රතිකාර ගනිමින් සිටි වාට්ටුවටය. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රෝගීන් 100 දෙනකුට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ. රෝහලේ ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන භටයන්ට අමතරව මාධ්‍යවේදීන් සහ රෝගීන්ගේ ඥාතීන් ද රෝහල වෙත පැමිණ තිබේ. ගිලන් ඇඳ පිටින්, රෝද පුටුවල ආධාරයෙන් රෝගීන් රෝහලෙන් පිටතට ගෙනි යන අයුරු සජීවීව පුවත් නාලිකා ඔස්සේ විකාශය කෙරුණි. පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම් ආඝ‍්‍රාණය වූවන් අවට පිහිටි වෙනත් රෝහල් කරා යොමු කෙරුණි. සිද්ධිය වාර්තා වූ සැණින් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවත් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් දැඩි ලෙස කනගාටුව පළ කරන බවත් තායිවාන අගමැති ෂෝන් චෙන් පවසයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තායිවාන රෝහලක ගින්නක්: 12 ක් මරුට: 72 කට තුවාල
ෂෙරීෆ් Wednesday, 24 October 2012 09:01 PM
පවු අසරණ රෝගීන්.. (නි)