IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තුර්කියට අරාබි වසන්තයක් උදා වෙන්න ඉඩ දෙන්නේ නෑ

තුර්කියේ හටගෙන ඇති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දිනෙන් දින උත්සන්න වීමත් සමඟ එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (4) ජනතාව අමතමින් කියා සිටියේ, ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බවය.
2011 වසරේ දී ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ පැවැති රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් නම් කළේ ‘අරාබි වසන්තය’ ලෙසය.
නේටෝ සාමාජික රටක් වන තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරැඹුණේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කිරීමත් සමඟය.
එම උද්ඝෝෂණවලට මුලින්ම එක් වූයේ සරසවි සිසුන්ය. ඊයේ (4) වනවිට ඊට එරට වෘත්තීය සංගම් ද එක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
තුර්කි අගමැති වහාම ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්,  එම විරෝධතා ඇරැඹිණි. විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා රැුලියක් පැවැත් වූ බවත් එම පිරිසට බැටන් ප‍්‍රහාර එල්ල වූ බවත් වාර්තා විය.
කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය. තුර්කි අගමැතිවරයා පවසා ඇත්තේ කොතරම් බාධා ආවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය.

තුර්කි අගමැති

 



අදහස් (0)

තුර්කියට අරාබි වසන්තයක් උදා වෙන්න ඉඩ දෙන්නේ නෑ

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 05:40 PM

මෙතුමා ඉස්තාන්බුල් නගරයේ තිබෙන උද්‍යානයක් සාප්පූ සංකීර්ණයක් හදන්න හිතවතෙකුට කුණු කොල්ලෙට විකුණලා එම නිසා ජනතාව මෙතුමාට විරුධව පාරට බැහැලා.(නදී) ,

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 356 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 122 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 124 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site